මැරතන් ධාවන ශූරී නිලූකා රාජසේකරට කඩිනමින් නිවාසයක් ලබා දීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අද දෙරණට පැවැසීය.
ඔහු මේ බව පැවැසූවේ “බුකිය කැලඹූ නිලූකාගේ වීඩියෝවේ ඇත්ත කතාව – බුකියේ ගිය නිසා බලධාරීන් අලුත් ප්‍රශ්නෙකුත් දාලා” යන හිසින් ඊයේ (30) අද දෙරණ කළ හෙළි දරව්ව සම්බන්දයෙන් අද(31) ඔහුගෙන් අප කළ කරුණු විමසීමට පිළිතුරු වශයෙනි.
නිලූකාට වඩා අඩු අත්දැකීම් හා දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයෙන් නිවාස ලබා දී ඇති අතර ක්‍රීඩා ඇමැතිවරයා මගින් නිලූකාට නිවසක් ලබා ගැනීමට නිවාස ඇමැතිවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති බව නිලූකාගේ පාර්ශ්වයෙන් චෝදනාවක් එල්ල විය.
ඊට පිළිතුරු දුන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පැවැසුවේ ක්‍රීඩා අමාත්‍යවරයා මාර්ගයෙන් තමන්ට එවැනි ඉල්ලීමක් කර ලිපියක් ලැබී නැති බවත් කෙසේවෙතත් අද දෙරණ මගින් දැන් ඔහු මේ ගැන දැනුම්වත් වූ බැවින් කඩිනමින් මේ ගැන සොයා බලා නිලූකාගේ නිවාස ගැටළුව විසඳන බවය.
මේ අතර නිලූකාගේ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාද හෙට(01) නිලූකාව කැඳවා ඇති බව අද දෙරණට වාර්තා විය.
වසර 28ක් පුරා සිය කාලය හා ශ්‍රමය කැප කරමින් මෙරට ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය උදෙසා නිසි ඇගයීමක් ද නොලබා බලධාරීන් සිදු කරන කැනහිලිකම් හේතුවෙන් තව දුරටත් ක්‍රීඩා කිරීමට නොහැකි බව නිලූකා සිය සැමියා සමග පවසන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබුණි.
සජිත් ප්‍රෙමදාස අමාත්‍යවරයා නිලූකාගේ නිවාස ප්‍රශ්නය විසඳීමට කඩිනමින් පියවර ගන්නා බව ට අද දෙරණට පොරොන්දු වූ අයුරු පහතින් අහන්න.

ධාවන ශූරී නිලූකාට කඩිනමින් නිවසක් – නිවාස ඇමැති පොරොන්දු වෙයි.
More from GeneralMore posts in General »





Be First to Comment