Press "Enter" to skip to content

ප්‍රවෘත්ති උඩු යටිකුරු කරන්න ගොස් දෙරණේ හෙළුව රටටම පෙන්වයි

ප්‍රවෘත්ති කලාව උඩුයටිකුරු කරන බවට පාරම් බාමින් අද ප්‍රවෘත්ති විකාශය ආරම්භ කල දෙරණ අද මුළු රට ඉදිරියේම හෙළු වැල්ලෙන් දගලන ආකාරය මුළු රටම බලා සිටියේ අධෝමුඛයෙන් සිනාසෙමිනි .

නියමිත වෙලාවට ප්‍රවෘත්ති විකාශය ආරම්භ කර ගැනීමට වත් නොහැකි වූ ඔවුන්ට ප්‍රවෘත්ති විකාශය ආරම්භ කර විනාඩි කීපයකින් එම ප්‍රවෘත්ති ප්‍රකාශය අතරමග නැවතීමට සිදුවුනේ මුළු රටම ඉදිරියේ නිරුවත් වූ බව පෙන්වා දෙමිනි.

ලෝකයම දිනු සංගීතඥයින් අපේ රටේ සිටියදී පිට රටින් ගෙනා හිපියන් පිරිසකගේ සංගීතයෙන් ඔවුන් ප්‍රවෘත්ති ප්‍රකාශය සරසන්නට උත්සහ කලේ ගංජා ගසා මත්වූ පිරිසක් හැසිරෙන විලාසයෙනි.

දිලිත් ජයවීරගේ හෙළුව තවදුරටත් ප්‍රදර්ශනය කලේ ටීවී ගොඩක් මැදිරියේ එල්ලා ගනිමින් නව තාක්ෂණයෙන් සන්නද්ද වූ බවට ජනතාව ගොනාට අන්දන්නට ගොසිනි.

කෙසේවෙතත් හිපියන් සමග වැඩ දාන්නට ගොස් අවමන් කල දෙරණ ප්‍රමුඛ දිලිත් ජයවීර අවසානයේ මුළු රටේම ජනතාව ඉදිරියේ අනාගත්තේ විලිවසාගන්නට රෙදි පටක්වත් නොමැති තත්වයට පත්කරමිනි.