හින්දු කෝවිල් ආශ්‍රිතව සිදුවන බිලි පූජා තහනම් කරමින් නඩු තීන්දුවක් දුන් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාරගර් ඉලංචේලියන් මහතා මනුෂ්‍යයකු නොවන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
මුන්නේස්වරම් කෝවිලේ බිලි පූජාවන්ට එරෙහිව සටන් කර ආන්දෝලනයට ලක් වූ පුද්ගලයකු ලෙස මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් දරන අදහස පිළිබඳ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පැවැසීය.
“ඔය නඩුකාරතුමා මම විශ්වස කරන්නේ එතුමා බෝධිසත්වයෙක්. දැන් බෝධිසත්වවරු මේ විශ්වය තුළ උපදිනවනේ. ධර්මපාලතුමා, මුනිදාස කුමාරතුංග මැතිතුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා,ඕල්කට්තුමා ඒ වගෙ අය ඇත්තෙන්ම බෝධිසත්ව වරු. ඒ වගේම බෝධිසත්වයෙක් තමයි ඔය නඩුකාරතුමා.”
මින් මතු නඩු තීන්දු ලබා දෙන විට යාපනේයේ මහාධිකරණ විනිසුරුතුමා අනුගමනය කරන මෙන් අනෙකුත් විනිශ්චයකාරවරුන්ගෙනුත් ඉල්ලීමක් කළ සිල්වා මහතා, ඒ පිනෙන්ම දිව්‍ය ලෝකේ යාමට හැකි බව කීය.
මේ වගේ හොඳ දේවල් දුටු විට බොරු ආටෝප ගැන කතා නොකර ඒ මග යන ලෙස රටේ දේශපාලනඥයන්ගෙන්ද ඉල්ලීමක් කරන බව ඔහු පැවැසීය.
මර්වින් සිල්වා අද දෙරණට පැවැසූ සම්පූර්ණ කතාව අහන්න.






Be First to Comment