Press "Enter" to skip to content

ඇපත් එක්ක බඩු එළියේ. නාමල්ට ඇප ත්…..

හම්බන්තොට දී කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළා.

එහිදී නාමල් රාජපක්ෂ ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් පිරිසට ඇප හිමිව තිබෙනවා.

හම්බන්තොට දී කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස මේ වනවිට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

එහි සිටින හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ බන්ධනාගාරය අවට ආරක්ෂාව ද තර කර ඇති බවයි. ප්‍රකාශයක් ලබාදීම සදහා පසුගිය 10 වනදා හම්බන්තොට මූලස්ථාන පොලීසියට පැමිණි අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අමතරව, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන ඩී.වී.චානක සහ ප්‍රසන්න රණවීර ද අත්අඩංගුවට ගැණුනා.

පසුව සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව නියෝග කෙරුණේ අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි.

ඡායාරූප පහතින්..

Be First to Comment

Leave a Reply