බිරිඳ සමග වුවත් ලිංගිකව හැසිරීම ස්‌ත්‍රී දූෂණයක් වන අවස්ථාවක් ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දීමක් කර තිබෙනවා. වයස 18 ට අඩු නම් බිරිඳ සමග වුවත් ලිංගිකව හැසිරීම ස්‌ත්‍රී දූෂණයක් බවයි එයින් පැවසෙන්නේ.බිරිඳ වුවත් ඇය වයස 15-18 අතර වයසක නම් ඇය සමග ලිංගිකව හැසිරීම දඬුවම් ලැබිය හැකි අපරාධයක් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(11) තීන්දු කර තිබෙනවා. මේ අතර ඉන්දියාව පුරා සිදුවන ළමා විවාහ තහනම් කිරීමට මධ්‍යම රජය මැදිහත් විය යුතු බවයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත්තේ. වයස 15-18 අතර බිරිඳක් සමඟ ලිංගික එක්‌වීම වරදක් නොවන බව ඉන්දීය ව්‍යවස්ථාවේ ඇතුළත් කරුණක් බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. කෙසේ වෙතත් මෙය සංශෝධනය කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබුනා. අදාළ පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුවයි එම වගන්තිය සංශෝධනය කරන ලෙස තීන්දු කර තිබෙන්නේ.

බිරිඳට වයස 15-18 අඩුනම් ඇය සමග ලිංගිකව එක්වීම ස්ත්‍රී දූෂණයක්
More from GeneralMore posts in General »





Be First to Comment