අද සමාජයේ නොයෙකුත් සමාජ විරෝධි අපරාධ මෙන්ම ලිංගික හිංසනයද බොහෝ ලෙස දැකිය හැකි දෙයක් පවත්ව තිබෙනවා. මේ හේතුව නිසා මහමඟ ගමන් ගන්නා බොහොමයක් තරුණියන් විවිධ පුද්ගලයන්ගෙන් ලිංගික හිංසනයන්ට සහ උසුළු විසුළුවලට ලක් වෙනවා.
මෙලෙස මහමඟදී විවිධාකාර වූ උසුළු විසුළුවලට ලක් කරන පුද්ගලයන් සමඟ සෙල්ෆි ඡායාරූප ගන්නා නෙදර්ලන්ත තරුණියක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
නෙදර්ලන්තයේ ඇම්ස්‌ටර්ඩෑම් අගනුවර වෙසෙන ‘නෝආ’ නැමති මෙම 20 හැවිරිදි තරුණිය පුද්ගලයන් සමඟ තැන් තැන් වල ගන්නා ලද විවිධ සෙල්ෆි ඡායාරූපයන් සිය සමාජ ජාල ගිණුමට එක්කරනවා.
මෙලෙස ඡායාරූප ගනිමින් සමාජ ජාල වල පල කිරීම මෙම තරුණියගේ ව්‍යාපෘතියක් බවයි විදෙස් මාධ්‍ය කර ඇත්තේ.
මෙලෙස මහමඟදී ලිංගික ක්‍රියාවන් සඳහා යෝජනා කරන පුරුෂයන් පිළිබඳව මෙම තරුණිය බී.බී.සී පුවත් සේවයට මෙසේ පවසා තිබුණා.
“කවුරු හරි මට උරුහන් බෑවොත් කුමක් කළ යුතුද කියා මම දැනගෙන සිටියේ නැහැ. මම ඔවුන්ට විරෝධය පළ කළොත් තත්ත්වය දරුණු වෙනවා. ඒක මට විශාල බිය ගෙන දෙන්නක්” ‘නෝආ’ පැවසුවාය.
පුරුෂයන්ට සිය අභිමතය පරිදි ඕනෑම දෙයක් පැවසීමට ඇති හැකියාව හමුවේ තමාට නිහඬව සිටීමට නොහැකි වූ බව ඇය කියා සිටින්නීය.
ඒ අනුව තමන් සමග සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීමට කැමති දැයි ‘එවැනි පුරුෂයන්ගෙන්’ විමසීමට ඇය පියවර ගෙන ඇත.
“ඡායාරූපය ඉන්ස්‌ටර්ග්‍රෑම් සමාජ ජාලයෙන් ඉවත් කරන ලෙස ඒ මිනිස්‌සු ඉල්ලා සිටියොත් මම එය ඉවත් කරනවා. මට ඔවුන්ගේ ජීවිත විනාශ කරන්න අවශ්‍ය නැහැ”
“එය බොහෝ දුරට කණ්‌ණාඩියක් වගේ. සියලු දෙනා ඉදිරියේ මහමග දී ඔවුන් මගේ පෞද්ගලික සීමාව තුළට පැමිණෙනවා. එවිට මමත් ඔවුන්ගේ පෞද්ගලික සීමාව තුළට පැමිණෙනවා”
එදිනෙදා ජීවිතයේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සිය ව්‍යාපෘතියේ අරමුණ බව ‘නෝආ’ පවසා ඇත්තේ.
“මෙය ඕනෑම රටක, ඕනෑම නගරයක, ඕනෑම තැනකදී තවත් ගෑනු ළමයෙකුට මුහුණ දෙන්න පුළුවන් දෙයක් නිසයි මම මේ දෙය ප්‍රකාශ කරන්නේ” යනුවෙන් ‘නෝආ’ වැඩිදුරටත් පැවසුවාය.
ඇය ගත් සෙල්ෆි ඡායාරූප කිහිපයක් පහතින්..











Be First to Comment