Press "Enter" to skip to content

බැංකු වලට වෙට්ටු දාලා වංගු දාපු ලිට්රෝ ශලලි අද මාට්ටු

අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර සිටි Litro ගෑස් සමාගමේ අධ්‍යක්ෂ ෂලීල මුණසිංහ මේ මස 25 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගතකළා.

ඒ ඔහු නැවත අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

තායිවානයේ ෆා- ඊස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී ඩොලර් මිලියන ගණනක මුදල් ඉවත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ෂලීල මුණසිංහ අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.ඒ ඔහු ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

තායිවානයේ ෆා- ඊස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන 60 කට ආසන්න මුදලක් වෙනත් ගිණුම්වලට හුවමාරු කර තිබුණා.

ඉන් ඩොලර් මිලියන 1.3 ක් ස්විෆ්ට් ජාත්‍යන්තර මුල්‍ය හුවමාරු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට එවා තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දායි.

එලෙස හුවමාරු කෙරුණු මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 1.1 ක් මෙරට රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යන පෞද්ගලික ගිණුමක තිබී හමුවීම හේතුවෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ෂලීල මුණසිංහ පසුගියදා අත්අඩංගුවට ගැනුණා.

ඒ, ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරවීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගැනුණු ෂලීල මුණසිංහ ඊයේ පස්වරු 4.30 පමණ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී සැකකරු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කලා.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගැනුණු අතර ඔහුද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ෂලීල මුණසිංහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සභාපතිවරයාද වනවා.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වුණේ සභාපතිවරයාට චෝදනා එල්ල වි ඇති ගනුදෙනු පිළිබදව සමාගමේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

Be First to Comment

Leave a Reply