“උදයට මිලියන 500ක් වන්දි ගෙවන මෙන් හිරුණිකාට අධිකරණ නියෝගයක්”
“එතුමියට අපි දන්නවා මුළු රටම දන්න කළු පාට ඩිෆෙන්ඩරය තියෙනවා”
“කිසිම සාක්ෂියක් නැති නිසා අධිකරණයටවත් පැමිණියේ නැහැ”
පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට රූපවාහිනී සාකච්චාවකදී ප්‍රසිද්ධියේ අපහාසාත්මකව චෝදනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකාට එරෙහිව උදය ගම්මන්පිල කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා.
ඒ අනුව මන්ත්‍රී උදය ගම්මන්පිලට රුපියල් මිලියන 500 ක වන්දි මුදලක් ගෙවන ලෙසද ඇයට නියෝග කර තිබුණා.
ඔහු මේ අදහස් පළ කළේ කොළඹදී ඊයේ (02) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.
මන්ත්‍රී උදය ගම්මන්පිල දැක්වූ ප්‍රකාශය පහතින්..
“2015 ජුලි මාසේ 2 වැනිදා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිතුමිය රූපවාහිනී වැඩසටහනකට ඇවිත් මම හොරෙක් කියමින් මට අපහාසාත්මකව කතා කළා. තමන්ගේ අම්මා තාත්තා පචයා කියලා නම දාපු ඇමතිවරයෙක්ගේ ඉගැන්නුම් බසට තමයි හිරුණිකා මන්ත්‍රිතුමිය මේ ප්‍රකාශය කළේ. මට සිදුවුණා අපහාසයෙන් වන්දි ලෙස රුපියල් මිලියන 500 ක් කොළඹ දිසා අධිකරණයේ නඩු ගොනු කරන්න. දැන් හිරුණිකා මන්ත්‍රීතුමියට කිසිම සාක්ෂියක් නැති නිසා අධිකරණයටවත් පැමිණියේ නැහැ. අධිකරණයට පැමිණියානම් අර බ්රයන්ෂැඩිට් වුණා වගේ මට මතක නැහැ මම දන්නේ නැහැ කියන්න තමයි හිරුණිකා මන්ත්‍රිතුමියට සිදුවෙන්නේ. ඒකපාර්ශ්විය නඩු අහලා මිලියන 500 ක් මට ගෙවන්න දිසා අධිකරණය නියෝග කළා. “
“එතුමියට අපි දන්නවා මුළු රටම දන්න කළු පාට ඩිෆෙන්ඩරය තියෙනවා. තීරු බදු රහිතව ගෙන්වා ගත් ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් තියෙනවා. ඒ වගේම ආන්දෝලනාත්මක විදිහට ඇයගේ තාත්තා විසින් අත්පත්කරගෙන ඇයට හිමිවෙලා තියෙන දේපළ ගණනාවක් කොළඹ නගරයේත් කොළොන්නාවෙත් තිබෙනවා. එයා මුදල් ගෙව්වේ නැත්නම් නිසි කාලයට අභියාචනාවත් අවසන් වුණාට පස්සේ දේපළ ලැයිස්තුව හදාගෙනයි තියෙන්නේ අපි ඒ දේපළ විකුණා වන්දි මුදල ගෙවන්න අධිකරණ නියෝග ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ මුදල මට එතරම් වැදගත් නැහැ. වැදගත් වන්නේ අපේ කීර්ති නාමයට පළුදුවක් කරනවානම් ඊට එරෙහිව අපි කටයුතු නොකළොත් රටේ මිනිස්සු හිතනවා මේ කතා ඇත්ත තමයි ඒකයි නිශ්ශබ්දව ඉන්නේ කියලා. හිරුණිකා මන්ත්‍රීතුමිය වගේ හොඳට දේපළ තියෙන කෙනෙක් මේ වගේ අපහාසයක් කළාම අපි ඒ අවස්ථාව කිසි සේත්ම පැහැර හරින්නේ නැහැ. “
2017 ඔක්තෝම්බර් 2 වන දින පිවිතුරු හෙළ උරුමය පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් සහ අදාළ ලිපිය පහතින්





Be First to Comment