ලෝ ප්‍රසිද්ධ පිරිමි සඟරාවක් වූ “ප්ලේබෝයි” සඟරාවේ නිර්මාතෘ හියු හෙෆ්නර් මිය ගියා.මිය යනවිට 91 වැනි වියේ පසුවූ හෙෆ්නර්, වියපත් නොවන තරුණයා ලෙසට ලෝකය විසින් හඳුන්වා දෙනු ලැබූ අයෙක්.ගුරු යුවලකට දාව 1926 අප්‍රේල් 9 වැනිදා උපන් හියු හෙෆ්නර් දෙවන ලෝක යුධ සමයේ වෛද්‍යවරයෙ ලෙස සේවය කළා.
හෙෆ්නර් ඉන් අනතුරුව ජනමාධ්‍යවේදයට පිවිසුණා.1953 ඔක්තෝබර් 01 වැනිදා, එනම් වසර 63 පෙර ඔහු ආරම්භ කළ “ප්ලේබෝයි” (playboy) සඟරාව ලොව වඩාත් ම ජනප්‍රිය, පිරිමින්ට විශේෂිත සඟරාවයි.
පස්වරක් විවාහ වූ හෙෆ්නර් ට දරුවන් සිවුදෙනෙක් වනවා.ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ප්ලේබෝයි මන්දිරයේදී ඔහු මියගොස් ඇති බව ප්ලේබෝයි කාර්යමණ්ඩලය තහවුරු කළා.





Be First to Comment