පිටකොටුව, බැස්ටියන් මාවතේ බස් නැවතුම්පළ තුළ සිදුවු අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ. බස් රථයක් පිටුපසට ගැනීමේ දී කාන්තාවක් සහ තවත් අයෙකු ඊට යටවී අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් බරපතල තුවාල ලැබු කාන්තාව සහ අනෙක් පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් තිබේ. මියගොස් ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක්ය. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගෙන ඇති අතර පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.





Be First to Comment