අනුව දශකයේ තරුණ හිත් හඩින් වශී කරගත් ඔහු අද ජිවතුන් අතර නැහැ. නමුත් ප්‍රින්ස් උදය ප්‍රියන්ත ඔහුගේ හඩ තවමත් ගුවන් විදුලියෙන් ඇහෙනවා. පෙම්වතුන් සිනාසේ ගීතය මුල් වරට ගායනා කරමින් රටක් වසගයට ගත් ප්‍රින්ස්ගේ සුන්දර මතකයන් ගැන කතා කරන්න ඔහුගේ ආදරණිය නැගණිය ශිරෝමි ප්‍රියංගිකාව හිරු ගොසිප් එක්ක එකතු කරගත්තා.මේ ඇය ඔහු ගැන කතා කළ අයුරුයි.
බොහෝදෙනා ආදරය කළ ප්‍රින්ස් මිය ගිහින් මාස හතරකට කිට්ටුයි..දැන් ඔහුගේ මතකයන් එක්ක ජිවත් වෙන ඔබට ඒ ගැන මොකද හිතෙන්නේ..?
මට නම් අයියා නැති වුණේ අද ඊයේ වගෙයි. තවමත් එයාගේ මතකය එක්ක අපි ජිවත් වෙන්නේ. අමතක කරන්න අමාරුයි. ප්‍රින්ස් කියන්නේ නිහඩ චරිතයක්.
ඔහුත් එක්ක ගත කළ පුංචි කාලේ මතකයන් ගැන යළිත් මතක් කළොත්..?
අපේ ගෙදර අහිංසකම කෙනා අයියා. මම දගයි. අපි දෙන්නා එදා ඉදලා අයියා නැති වෙනකල්ම ජිවත් වුණේ යාළුවො වගේ. පුංචි කාලේ ඉදලම අපි දෙන්නා සංගීතය ඉගෙන ගත්තා අපේ තාත්තාගෙන්. ගෙදර මිදුල තමයි අපි දෙන්නගේ සංගීත පන්තිය වුණේ. හැමදාම අවුරුදු දහයක් විතර යනකල් දවසට පැයක් තාත්තාගෙන් සංගීතය ඉගෙන ගත්තා. අපි දෙන්නාටම වයලින් දෙකක් තිබුණා. පාසල් දෙකකට ගිය නිසා දවල් වරුව වෙනකල් අපි දෙන්නා වෙනම හිටියේ. අයියා වගේම මමත් පාසලේ සංගීතය පැත්තෙන් උපරිම දේ කළා. තරග වලට ඉදිරිපත් වෙලා ජය අරගෙන තියෙනවා.ඒ වගේම එයා උසස්පෙළ කළේ ගණිත විෂයෙන්. මම විද්‍යා විශයෙන්.
මුලින්ම ගීතයක් කළ දවසේ ඔහුගේ බලාපොරොත්තු ගැන කතා කළේ නැද්ද..?
එයාගේ මුල්ම සින්දුව පෙම්වතුන් සිනාසේ කියන ගීතය. නැකත් බැලුවම හොදම අකුර විදිහට දුන්නේ “ප ” අකුර. ඒ වගේම අයියාගේ නම දිග නිසා එයා කොළේක එයාගේ නම එක එක විදිහට ලියලා අම්මට ගෙනත් පෙන්නුවා. කොහොමද නම දාන්නේ කියලා. අම්මා එක්ක විහිළුවට රණ්ඩු වුණා නංගිට කෙටි නමක් දාලා මට දිග නමක් දාලා කියලා. මම ඒ කොළේ උදුරාගෙන දුවගෙන ගියා. ඒකේ මම ලිව්වා ප්‍රින්ස් උදය ප්‍රියන්ත ජනප්‍රිය ගායකයා කියලා. එයා අතට දුන්නා. එයා හිනා වුණා. භාවිතා කළා ඒ නමම. සදකුමාරියක්, වෙරලකොනක , ආදරේ නම් කියන සින්දු තුනත් ඒත් එක්කම කළා. ජනප්‍රිය වුණා නොහිතුව විදිහට. එයා එතනින් පස්සේ හිතුවේ ගායකයෙක් විදිහට විතරක් සාර්ථක වෙන්නයි. කවදාවත් ආඩම්බර වුණේ නැහැ.
ඒ කාලේ ආදරේ ගැන නිවසේදී කතා කරලා නැද්ද..?
කවදාවත්ම නැහැ. එයා ගැහැණු ළමයි එක්ක කතා කාන්න ලජ්ජා වුණා. උසස් පෙළ කරන කාලේ එයාගේ යාළුවො ටිකක් එකතු වෙලා ගැහැණු ළමයෙක්ව සෙට් කරලා. යාලුවොමයි ඒ කෙල්ලට ලියුම් ලිව්වේ. දවසක් මම ලිවුමක් දැකලා ඒක විහිළුවට අම්මට කිව්වා. අම්මා ඒ ගැහැණු ළමයට බැනලා අන්තිමට ඒ සම්බන්දෙ නතර කරා. එතනින් එහාට එයා ඒ ගැන හිතුවේ නැහැ.
අතිශය ජනප්‍රිය ගායිකාවක් එක්ක ප්‍රේම සම්බන්ධයක් තිබුණා කියලත් රාවයක් පැතිරුණා නේද..?
ඒ කාලේ අයියා පස්සෙන් තරුණ ගායිකාවන් ආවා ආදරේ ඉල්ලගෙන. නමුත් අයියා විශේෂයක් දැක්වුයේ නැහැ. නමුත් අයියාගේ හිතේ ජනප්‍රිය ගායිකාවක් ගැන කැමැත්තක් තිබ්බ කියලා අපි දැනගත්තේ කාලයක් ගියාට පස්සේ. නමුත් ඒ කවුද ඇත්තද කියන්න අපි දන්නේ නැහැ. ප්‍රින්ස් විවාහ වෙන්න හිටියා කියලත් ආරංචියි..
එය මග හැරෙන්න අසනීප තත්ත්වයද බලපෑවේ..?
එයාට විවාහයක් වෙන්න කලවයස එනකොට අම්මයි මමයි ගොඩක් උනන්දු කරා. මනමාලියෝ හෙව්වා. අපි පත්තර ගත්තා මනමාලියෝ අතිරේකය බලන්න ඕන නිසා. පත්තරේ ගෙදරට ගෙනත් තියනකොට එයා ඒ අතිරේකය අපිට හොරෙන් පුච්චනවා. නමුත් අපි උත්සහ ගත්තා. එයා අම්මට ආදරෙයි. අම්මා නැති වුණාට පස්සේ මම අයියට කිව්වා දැන් නම් බදින්න කාලේ හරි. කැමති වෙන්න හොද කෙනෙක්ට කියලා. අම්මා ඉන්න කාලෙම එයාට ප්‍රදීපා කියලා ගැහැණු ළමයෙක්ව කතා කළා. එයා ගුරුවරියක්.අයියා අකමැති වුනා. අම්මා නැති වුණාට පස්සේ මම බලකරලම එයා ඒ විවාහයට කැමති වුණා. අපි මේ දෙන්නගේ විවාහයට දිනත් දා ගත්තා. ඒත් විවාහය ලං වෙද්දී අයියා කිව්වා නංගි මම දියවැඩියා ලෙඩෙක්. ඒ නිසා මට බදින්න බැහැ කියලා. අන්තිමට විවාහය කැන්සල් කළා. ඒත් එක්කම තමයි අයියා හොදටම අසනීප වුණේ දියවැඩියාව නිසා.
ඔහුගේ ප්‍රතික්ෂේප කිරීමට ඇයගේ ප්‍රතිඋත්ත්රය ..?
ඇය අපිත් එක්ක අමනාප වුණා. ඒක සාධාරණයි. විවාහයට බලාපොරොත්තුවෙන් ඉදලා සියල්ල සුදානම් කළාට පසුව එය නොවුනම කොහොමත් දුකක්නේ.ඇය තවම තනිකඩයි.
විවාහ වුණේ නැහැ. ප්‍රින්ස්ගේ අවමංගල්‍යයට ඇය සහභාගී වුණාද..?
අයියාගේ දේහය සුදර්ශි එකේ තිබ්බ මොහොතේ ඇය එහෙට ඇවිත් තිබුණා. එයා ඇවිත් හොදටම ඇඩුවා.
ලැබුණු රසික ප්‍රතිචාර එක්ක කලාව ගැන ඔහු තෘප්තිමත් වුණාද..?
එයාට රසිකයින් පුදුමාකාර විදිහට ආදරේ කළා. ඒ කාලේ දවසකට ලියුම් 3000ක් විතර එයාට එනවා. අපි තමයි ඒවාට උත්තර ලිව්වේ. එයාගේ ජිවිතේ වුණේ සංගීතය.
ප්‍රින්ස්ගේ ගීත ඔබේ හඩින් ගයන්න සුදානම් කියන්නේ ඇත්තද..?
අයියා ඒ කාලේ ඉදලම මට ගිය ගයන්න කිව්වා. එයා මුදල් වියදම් කරලා මට ගීත හතරක් කරලා දුන්නා. ඒ ගීත එළිදක්වන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම මගේ අයියා ගැන ගීතයක් කරන්න මට ලොකු වුවමනාවක් තියෙනවා. මේ දේට අමතරව එයාගේ ගීත මම ආරක්ෂා කරන්න ඕන. ඇතැම් නව පරපුරේ අය අයියාගේ ගීත ප්‍රසංග වේදිකාවේ ගයනවා. ඒ නිසා අය්යා ජිවතුන් අතර ඉන්නකොට මට කිවවා එයාගේ සින්දු මට කියන්න කියලා. මම ප්‍රසංග වේදිකාවේ විතරක් කියනවා කියලා හිතුවා. මට එයාගේ ගීත ගයන්න දැනටමත් වේදිකාවට නගින්න ආරාධනා ලැබෙනවා.
ඉදිරියේදී එයා වෙනුවෙන් මම ගයනවා.එයාගේ ගීත. ඔබේ පුතණුවන් ගී ගයන්න දක්ෂද..?
එයාට නම් අයියාගේ හඩමයි තියෙන්නේ. මෙවර උසස්පෙළ කරනවා ජිව විද්‍යා අංශයෙන්. ඊට පස්සේ තමයි ගායනය ගැන හිතන්න ඕන.






Be First to Comment