Press "Enter" to skip to content

(title)

ලෝක රූ රැජන කිරුළ දිනාගත් අයිශ්වර්යා රූපයෙන් විතරක් නෙවෙයි රංගනයෙනුත් රසිකයන් වසඟ කරන්නට සමත් වුණු තරුවක්. මේ නිසාම අයිශ්වර්යා-අභිෂේක් යුවළගේ විවාහයත් බොලිවුඩයම කැලඹූ පුවතක් වුණා. මේ පුංචි කැදැල්ලට එකතු වුණු ආරාධ්‍යා සිඟිත්තිය නිසා අයිශ්වර්යා සිනමාවේ දකින්න ලැබුණෙත් අඩුවෙන්. ඒ කොහොම වුණත් අවුරුදු හතකට පස්සේ අභිෂේක් – අයිශ්වර්යා යුවළ එකට රංගනයේ යෙදෙන නිර්මාණයක් ළඟදීම ඔබට දැකගන්න අවස්ථාව ලැබෙනවා. 2010 දී තිරගත වූ Raavan චිත්‍රපටයෙන් පස්සේ අපිට මේ දෙන්නගේ රංගනයන් එකට දැකගන්න ලැබුණේ නැහැ. Shailesh R.Singh ගේ නිෂ්පාදනයක් වන මේ චිත්‍රපටය උත්තර ප්‍රදේශයේ දේශපාලනයේ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙනයි නිර්මාණය වී තිබෙන්නේ. විවාහක, ඉන්දීය පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ චරිත මුල් කරගෙන දිවයන මේ කතාවේ ප්‍රධාන චරිත හිමි වන්නේත් අයිශ් – අභිෂේක් යුවළටයි. අයිශ්වර්යා මේ නිර්මාණයට කැමැත්ත පළ කළත් තවමත් ඇය තිර පිටපත අධ්‍යයනය කරන නිසා චිත්‍රපටයේ වැඩ කටයුතු නම් තවමත් පටන් අරන් නැහැ. චිත්‍රපට නිෂ්පාදක අයිශ්ගේ රංගනය ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා වගේම චිත්‍රපටයේ සාර්ථකත්වය ගැන විශ්වාසයකින් සිටින බව මාධ්‍යයටත් කියා තිබුණා.

Be First to Comment

Leave a Reply