සම්මානන උළලේ ඇත්ත නැත්ත ගැන සමන් ඔහුගේ මුහුණු පොතේ තැබූ සටහන
සම්මාන උළෙලේ දැන් ආයෙත් දෙවෙනි ඉනිම අංක එකට ඇවිල්ලා. සමහරු මගෙන් අහනවා දැන් ඒක සාධාරණද කියලා. මෙච්චරයි කියන්න තියෙන්නෙ. මට අනුව නම්, හොර මගඩි වලින් පිරුණ සම්මාන උළෙලක අංක එක වෙනවා කියන්නෙ හොඳම හොරා බවට පත් වෙනවා කියන එකයි. රවීන් ජනප්‍රිය නළුවා නොවීම තුල තීරණ වැරදි වෙන්නත්, දෙවෙනි ඉනිම එක වීම තුල තීරණ හරි වෙන්නත්, නැවත නයනතාරා එක වීම තුල තීරණ ආයි නිවැරදි වෙන්නත් විදිහක් නෑ. කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරන් කන න්‍යාය වල් මගේ නෑ. එදා මතයම තමයි අදත්. ඒක හොර ගුහාවක්. ඒ හොර ගුහාවේ හොඳම හොරා ලෙස සම්මානයට අත තියන්න මට බෑ. මොකද මම හොරකං කරන්නෙත් නෑ හොර බඩු වලට අත තියන්නෙත් නෑ. මේ සම්මාන උළෙලේ කිසිඳු ප්‍රතිපලයක් මා තඹ සතේකට විශ්වාස කරන්නෙත් නෑ. ගණන් ගන්නෙත් නෑ. –
සමන් එදිරිමුණි





Be First to Comment