Press "Enter" to skip to content

“හැබැයි මට ඒක ප්‍රශ්නයක් ‍නෙවෙයි…”


මේ දවස්වල ඔබ රංගනයෙන් තාවකාලිකව දුරස්වෙලා නේද..?
ඔව් … මම අන්තිමට රඟපෑවේ “හංස පිහාටු” ටෙලි නාට්‍යයේ. ඊට කලින් “මාද ඔබම විය” ටෙලි නාට්‍යය කළා. ඒ දෙකේම අවසන් අදියර වනවිට මම මව් පදවියට සැරසිලා හිටියේ. ඊට පස්සේ මම තාවකාලිකව රඟපෑමෙන් අයින්වුණා. පුතා ඉපදුනාට පස්සේ දැන් පුතාගේ කටයුතු වෙනුවෙන් තමයි දවසම ගත වෙන්නේ. පුතා ටිකක් ලොකු වෙනකල් රඟපාන්න යන්නේ නැහැ.

පුතාගේ විස්තර දැනගන්නත් ගයාත්‍රිගේ රසික පිරිස කැමති ඇති  .. ?
පුතාගේ නම “ආර්යන් ප්‍රිම්හාන්”.. එයාට දැන් වයස අවුරුද්දයි මාස 5 යි. දැන් නම් ටිකක් දඟයි. නිතරම එයා ළඟටම වෙලා ඉන්න ඕන.. දැන් වචන කෑලි කියනවා. හරියට වචන හසුරුවන්න බැරි වුණාට තාත්තා කියන වචනේ  නම් හරියටම කියනවා ..   
ගයාත්‍රිගේ සැමියා විදෙස්ගතවෙලා ඉන්න හිංදා දරුවාගේ සියලු කටයුතුවලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ තනියම නේද?
සැමියා (අනුරාධ පනංවල) වෘත්තියෙන් පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙක්. විදෙස් ගතවෙලා හිටියට එයාට මාසෙකට වතාවක් විතර ලංකාවට ඇවිත් යන්න පුළුවනි. අම්මා ඉන්නේ මගේ ළඟ. ගෙදර කටයුතු කරන්නේ අම්මා. මම පුතාගේ වැඩ ටික කරනවා.  
සමහර නළු නිළියන් ටෙලි නාට්‍යය එකක් දෙකක් රඟපෑවත් බොහෝ කතාබහට ලක්වෙනවා. වසර ගණනක රංගන ඉතිහාසයක් තිබුණත් ගයත්‍රිට ලැබුණු අවස්ථා සහ කතාබහට ලක් වූ අවස්ථා අඩුයි කියල හිතෙන්නේ නැද්ද .. ?
මම රඟපාන්න ගියත් වැඩියේ කාත් එක්කවත් සම්බන්ධ වෙන්නේ නැහැ.මට මේ ක්ෂේත්‍රයේ කිසිම යාළුවෙක් නැහැ. උත්සව අවස්ථාවකටවත් සම්මාන උළෙලකටවත් ආරාධනා ලැබෙන්නේ නැහැ. ඒකත් මගේ නිහඬ බවට හේතුවක් වෙන්න ඇති. හැබැයි මට ඒක ප්‍රශ්නයක් ‍නෙවෙයි. කලාවට ගොඩක් ආසයි . ඒත් මම මුල්තැන දෙන්නේ දරුවටයි ගෘහ ජීවිතයටයි.
ජනප්‍රිය චරිතවලට කටකතා හැදෙනවා. කටකතා නිසාම ප්‍රසිද්ධ වූ නළු නිළියනුත් ඉන්නවා .. ?
මේ අවුරුදු 8ට කිසිම කටකතාවක් හැදිලාම නැහැ. කටකතා හිංදා ඇති වෙන්නේ ජනප්‍රි්‍රයත්වයක් ‍නෙවෙයි ප්‍රසිද්ධියක්. ඒ වගේ ප්‍රසිද්ධියකින් වැඩක් නැහැ. මට කටකතාවක් හැදිලා ඒත් එක්ක මාව රටේම කතාබහට ලක්වෙන චරිතයක් වුණොත් මට නම් දරාගන්න බැරි දුකක් ඇතිවෙයි. 
ජනප්‍රිය චරිතවලට ‍පොදු වාහනවල යන්න බැරිබව සාමාන්‍ය විදියට ඉන්න බැරිබව ඇතැමුන් කියනවා. ගයත්‍රිටත් ඒ තත්ත්වය ඒ වගේමද .. ?
මට ගමන් බිමන් යන්න මගේ වාහනේ තියෙනවා. ඒ වගේම මම බස් එකේ යන අවස්ථාත් තියෙනවා. ඒ වගේ අවස්ථාවන්වලදී රසිකයින් මාව හඳුනාගෙන කතා කරනවා. සාමාන්‍යයෙන් ඕනෑම කාන්තාවක් ලස්සනට අඳින්න පළඳින්න ආසයිනේ .. මමත් එහෙමයි. ඒත් නිළියක් කියලා ගොඩක් හැඩට ඇඳගෙන ලොකු මේකප් එකක් දාගෙන පාරේ යන්න මම කැමති නැහැ..
ගයත්‍රිගේ රංගන ජීවිතයට සැමියාගෙන් තහංචි එල්ලවෙලා නැද්ද .. ?
කොහෙත්ම නැහැ.. එයා මම රඟපානවට ගොඩක් කැමතියි.ටෙලි නාට්‍යවලදී නළුවන් එක්ක පෙම් ජවනිකා රඟපාන්න වෙනවනේ. ඒ වගේ ජවනිකා රූපවාහිනියේ විකාශය 

වෙද්දි එය නරඹන සැමියාගේ ප්‍රතිචාර කොහොමද .. ?
හිනා වෙවී බලාගෙන ඉන්නවා. ඊට එහා කිසි දෙයක් කියන්නේ නැහැ.
දක්ෂතාවයේ හැටියට රඟපාන්න ලැබුණු අවස්ථා ගැන සෑහීමකට පත්වෙනවාද .. ?
මට වැඩියෙන්ම ලැබෙන්නේ අහිංසක චරිත. නපුරු චරිතයක් රඟපාන්න ආසයි. ඒ වගේම තමයි  සිනමාව තුළත් හොඳ රංගනයක් කරන්න ආශාවෙන් ඉන්නවා.  

Be First to Comment

Leave a Reply