ඩීසල් මිල රුපියල් 7 කින් අඩුකිරිමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා බස් ගාස්තුව අඩුකිරිම පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ අවදානය යොමු වී තිබේ.බස් ගාස්තුව අඩු කිරිම සම්බන්ධව ලබන 7 වැනි දා ජාතික ගමනාගමන කොමිසන් සභාව සමඟ සාකච්ඡා කරන බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න මහතා පැවසීය.




