Press "Enter" to skip to content

ඉයුජීන් කුමරිගේ විවාහ උත්සවයේ අසිරිය ලොවටම පෙනුණු හැටි

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණගේ මිණිබිරියක වන ඉයුජීන් කුමරිගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණා.වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දෙව් මැදුරේ පැවති විවාහ මංගල්‍යයේ දී ඇය හා අතිනත ගත්තේ ඇගේ දිගුකාලීන සහකරු ජැක් බෲක්ස්බෑන්ක්.

32 හැවිරිදි ජැක්ට 28 හැවිරිදි ඉයුජීන් කුමරිය මීට සත් වසරකට පෙර මුණ ගැසී ඇත්තේ ස්විට්සර්ලන්තයේ හිම ක්‍රීඩාවල නිරත වන විටයි.

එළිසබෙත් රැජිණගේ පුත් ඇන්ඩෘ කුමරුගේ සහ සාරා ෆර්ගසන්ගේ දියණිය වන ඉයුජීන් කුමරිය බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියන 9 වන තැනැත්තියයි.