එක්සත් ජාතීන්ගේ සමුළු ශාලාවට තම තුන් මසක් වයසැති දියණිය රැගෙන ආ නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් එවැනි කටයුත්තක් කළ ප්රථම රාජ්ය නායිකාව ලෙස ඉතිහාසගත වූවාය.
නවසීලන්ත අගමැතිනිය ලෙස දරුවකුට උපත දුන් ප්රථම කාන්තාව ද ඇයයි. බලයේ සිටියදී බෙනාසිර් බූතෝට පසු දරුවකුට උපත දුන් ලොව දෙවැනි රාජ්ය නායිකාවද ඇයයි. ඇය සමඟ ඇයගේ සහකරු ක්ලාක් ගේෆෝඩ් ද පැමිණ සිටියේය.
මෙම බිලිඳු දියණිය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හැඳුනුම්පතක් නිකුත් කර ඇති අතර එහි “නවසීලන්ත පළමු දැරිය” (New zealand first baby)ලෙස සඳහන්ව ඇත.




