Press "Enter" to skip to content

තම විවාහයට පිටින් ලිංගිකව හැසිරුණු කාන්තාවකට ප්‍රසිද්ධියේ කස පහර

 

කාන්තාවක් විවාහයෙන් බාහිරව ලිංගික සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් ඇයට ලබා දුන් අමානුෂික දඬුවමක් පිළිබඳ විදෙස් මාධ්‍යයක් වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දුනීසියාවෙන්.

ඒ අනුව අදාළ කාන්තාවට ප්‍රසිද්ධ ස්ථානයක දී කස පහර ලබා දීමටයි ෂරියා නීතිය අනුව කටයුතු කර තිබුණේ.

මෙසේ දඬුවමට ලක්වූ කාන්තාවගේ අනන්‍යතාව හෙළිවී නොමැති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

පසුගිය දිනවල මෙවැනි සිදුවීම් ගණනාවක් පිළිබඳ ඉන්දුනීසියාවෙන් වාර්තා වුණා.