ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන විසින් රචනා කරනු ලැබූ “ජනාධිපති තාත්තා” ග්රන්ථය කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනයට සමගාමීව කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පසුගිය 15 වනදා එළිදැක්වුණා. එතුමා ජනාධිපති ධුරය දක්වා ආ ගමනේදී ඔහුගේ වැඩිමහල් දියණිය ලෙස චතුරිකා සිරිසේන ලැබූ අත්දැකීම් ඇසුරෙන් එම ග්රන්ථය රචනා කර තිබෙනවා.මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (24) කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනයට පැමිණි අවස්ථාවේ එම ග්රන්ථය මිලදී ගෙන තිබෙනවා. එම ග්රන්ථය ලබාගත් අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ මට ලියන්න බැරිවුණු “ජනාධිපති තාත්තා” චතුරිකා විසින් ලියූ බව පවසමිනුයි.
මේ වන විට ඔහු එම ග්රන්ථය කියවීම ටද සූදනම් බවයි මන්ත්රීවරයා පවසන්නේ.
චතුරිකා ලියු නාමල් ට ලියන්න බැරිවුණු “ජනාධිපති තාත්තා” කියවීමට නාමල් සුදානම්.
More from GeneralMore posts in General »









Be First to Comment