Press "Enter" to skip to content

රෝගී නිදහස වඩා දේශපාලනය බලවත්ද ?

ඔහුව වෙනත් රෝහලකට මාරු කිරීමේ චේතනාවක් හෝ ඉල්ලීමක් කර නැත.

දේශපාලන හේතු මත දුමින්ද සිල්වාට බන්ධනාගාරය තුළ දැඩි හිංසනයක්…

බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මතු වූ අක්ෂි රෝගයක් හේතුවෙන් පරීක්ෂා කිරීමක් සඳහා ඔහුව කොළඹ ඇස් රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

මේ පිළිබඳව විවිධ මත ඉදිරිපත් වෙමින් තිබෙන අතර, ඒ පිළිබඳව අප කළ විමසුමකදී පවුලේ ඥාතීන් කියා සිටියේ, ඔහුට මතු වූ අක්ෂි රෝගයක් හේතුවෙන් අක්ෂි පරීක්ෂාවක් සඳහා ඇස් රෝහල වෙත යොමු කොට ඇති බවයි.

ඔහුව වෙනත් රෝහලකට මාරු කිරීමේ කිසිදු චේතනාවක් හෝ ඉල්ලීමක්ද සිදුකර නොමැති බව ඔවුන් කියා සිටියා.

පවුලේ ඥාතීන් වැඩිදුරටත් සඳහන් කළේ, දුමින්ද සිල්වා යනු හිසට මාරාන්තික වෙඩි ප්‍රහාර 2 ක් වැදී ජීවිතයත් මරණයත් අතර සටනකින් පසු යළි ජීවය ලැබූ, දැඩි රෝගී පුද්ගලයෙක් බවත්, ඔහුගේ හිස් කබලෙහි කොටසක් ඉවත් කර ඇති අතර, උණ්ඩ කොටස් තවමත් මොළය තුළ රැඳී තිබෙන බැවින්, ඔහුව නිරන්තර වෛද්‍ය පරීක්ෂා කිරීම්වලට ලක් කළ යුතු බවයි.

එමෙන්ම ඔහු දැඩි ශ්වසන අපහසුතාවකින් පෙළෙන අතර, ශ්වසන පහසුව සඳහා උපකරණ භාවිතයක්ද සිදුකරන බව ඔවුන් පෙන්වා දෙනවා.

එවැනි තත්ත්වයක් තිබියදීත්, ඔහුව දේශපාලන හේතූන් මත බන්ධනාගාරය තුළ දැඩි හිංසනයකට ලක් කෙරෙමින් පවතින බවත්, බන්ධනාගාර රෝහල තුළදී වෛද්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය පවා දේශපාලනික මැදිහත්වීම් මත ඔහුට අහිමි කොට ඇති බව පවුලේ ඥාතීන් පෙන්වා දෙනවා.

Be First to Comment

Leave a Reply