Press "Enter" to skip to content

ඇසිල්ලකින් පැමිණි මාරයා පුංචි පුතු තනිකර අම්මා රැගෙන ගියහැටි

මහනුවර- තෙල්දෙණිය ගෝනවල ප්‍රදේශයේ අද(10) උදෑසන 7.15ට පමණ වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයෙකු මිය ගියා.

මහියංගනය සිට මහනුවර දෙසට ගමන් ගත් මෝටර් රථයක රියදුරුට නින්ද යාම නිසා වාහනය මාර්ගයෙන් ඉවතට පැන යතුරු පැදියක ද ගැටී මාර්ගයේ බස් නැවතුමේ සිටි කාන්තාවන් දෙදෙනෙකුද යට කර අසල තාප්පයක ගැටී තිබෙනවා.

යතුරුපැදිකරු හා කාන්තාවන් දෙදෙනා රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගියා.

කාර් රථයේ රියදුරා හා තවත් අයෙකු තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු කියා සිටියේ.

බස් නැවතුමේ සිටි කාන්තාවන් දෙදෙනාගෙන් එක අයෙකු සිය අවුරුදු 7 දරුවා පාසල් අරලවිම සඳහා බසයක් එනතුරු බලාසිට තිබෙනවා.

අනතුරෙන් එම කාන්තාවද යට වී මියගිය ද පුංචි දරුවාට කිසිවක් සිදු වුයේ නැහැ.

ඒ පුංචි දරුවා අම්මා බේරා දෙන්න යැයි කියමින් හඬා වැළපෙන අයුරු දක්නට ලැබුනා.

ඉතා සංවේදී දර්ශන සහිතයි


Be First to Comment

Leave a Reply