Press "Enter" to skip to content

‘උදාරි – සංගීත්’ විවාහය දෙදරා යයි?

උදාරි කෞශල්‍යා උදයකුමාර් සහ සංගීත් සතරසිංහ කියන්නේ කවුරුත් දන්න රංගන ශිල්පීන් දෙදෙනෙක්. කලක් පුංචි තිරයේ දී පෙම්වතුන් වූ උදාරි සහ සංගීත් මීට කාලයකට කලින් ඔවුන්ගේම කැදැල්ලකට එකතු වුණා.

ඉන්පස්සේ ගොඩක් ආදරෙයන් කාලය ගත කරපු මේ යුවළ කාලයක් අමෙරිකාවේ නිව්යොර්ක් නගරයේත් ජීවත් වුණා.

කොහොම වුණත් උදාරිගෙයි සංගීත්ගෙයි ආදර කතාව පුංචි දෙදරීමකට ලක්වෙලා කියලා ආරංචි වෙනවා… ඒ නිසා මේ වෙනකොට දෙන්නා වෙනම ගෙවල් දෙකක ජීවත් වෙනවා කියලා තමයි දැන ගන්න ලැබෙන්නේ.

පහුගිය දවස් කිහිපයේම තම ෆේස්බුක් ගිණුම හරහා උදාරි තැබූ සටහන් ගැන ඇගේ රසිකයන්ගේ කතාබහට ලක්වෙලා තිබුණා. මේ ඇය ඒ විදියට ෆේස්බුක් දාපු එක් සටහනක්.
”පනටත් වඩා ඔබ ආදරේ කරන අය ඔබව හැර යාවි…
කරන්නට තියා හිතන්නටවත් නොහැකි බොරු වැරදි ඔබේ කර පිටින් යාවි…
අවංකකම අහිංසකකම සත්‍යවාදිබව හැම තැනකදීම ඔබව දුර්වල කරාවි…
බහුතරය වැරදි කරන ලෝකයේ ඔබව පහත හෙළිය හැකි පුංචි අවස්ථාවේදී ඔවුන් සියල්ලෝ එක්වී ඔබව බිමට ඇද දමාවි…
මීටත් වඩා අනන්ත අප්‍රමාණ බාධා ඔබ විඩාවට පත් කරාවි…
නමුත්…
විශ්වාස කරන්න ඔබ නිවැරදි නම් ඒ කිසිවක් ඔබ අදාළ කරගත යුතු නැති බව!
විශ්වාස කරන්න ඔබට මේ ලෝකේ වෙනත් තැනක නැවත අලුතින් පටන් ගත හැකි බව!
විශ්වාස කරන්න ඔබව ඔබ ලෙසින් බාරගන්නට කවුරුන් හෝ මෙලොව ජිවත් වන බව!
මතක තබා ගන්න,
ජීවිතය යනු ප්‍රශ්න හමුවේ සදහටම නිසොල්මන් වීම නොව… ප්‍රශ්න වලට උත්තර හොයමින් හුස්ම ගැනීමයි!
දිනෙක ඔබේ වටිනාකම ඔබටම දැනේවි ඒ වෙනකන් ජීවිත බර දරාගන්න ”

Be First to Comment

Leave a Reply