ඔක්කොම කතා අතර මොකද්ද බන් අර නමක් නැතුව නමක් දාපු කතාව.
මම මෙහෙම ඒවා ලියන එකෙක් නෙවෙයි මේක ලියන්න හිතුවේ මට සිරාවටම තේරෙන්නේ නැහැ බන් .බටහිර අහස කියන්නේ මොකද්ද කියලා.එකේ මාරම කතාව තමයි මේක ලියන ඒකාට නම් මෙලෝ සෙන්ස් එකක් නම් ඇත්තෙම නැහැ.බන් කැම්පස් එකක් කියන්නේ මොකද්ද මුට හරි හැටි අයිඩියා එකක් නැහැ. .මු කැම්පස් එකකට ගිය එකෙක්ද කියලත් මට සැකයක් තියනවා මේ සමහර දෙබස් එක්ක.ඒ මොනවා උනත් මේ තරම් ආතල් විතරද බන් කැම්පස් වල දෙන්නේ කියලා මට හිතෙනවා.මහ ගොන් බන්.ඕවා,
තව දෙයක් නුවර ගෙවල් වල ජිවත් වෙන උන් කියන විදියට නම්බුවක් තියන අම්මණ්ඩිලා අදින්නේ ඔසරිය මිසක් විස්කුරුත්තම් නෙවේනේ. ඕකේ පැති දෙකක් තියනවා.මම නම් කියන්නේ නාන්නේ නැතුව වැඩක් කරනවානම් එක ඊට වඩා ගොඩක් හොඳ වෙයි. අනික මැණික් මෙලෝ රහක් නැහැ බන් නාට්‍ය පුරාම චමරයා ඒකිව දාගෙන කරන්නේ හෙළුව පෙන්නවන එක විතරයි.
වෙන වෙන ඒවා කොපි කරන්න හැදුවට බටහිර අහසට ඒ මට්ටමට එන්න නම් ලියවිල්ල ගැන ඔයිට වඩා හිතන්න වෙනවා.මොකද චාමර කියන්නේ ඇහැක් තියන මිනිහෙක් උණාට මෙතැන තිර රචනය එකට ගලාගෙන යාමක් නැහැ කියලා තමයි බලන අපිටනම් හිතෙන්නේ.
මොනවා උනත් හොඳකුත් කියන්නම එපැයි ලව් සින් මාර්කට් කරනවා කියන ඒකනම්ය මු නියමෙට කරනවා. එත්හි මේක පටන්තා ගන්නේ කොහෙන්ද ඉවර වෙන්නේ කොහෙන්ද කියලා තේරුම් ගන්නනම් බැහැ මට.
මේකත් තවත් කොපියක්ද කොහෙද? කියලා තමයි කියන්න තියෙන්නේ මටනම්.
දැනුන දේ කිවුවා මම කියනදේ හරිද වැරදිද කියලා ඔයාලම හිතන්න.




