Press "Enter" to skip to content

අර්ජුන ඇලෝසියස් හා රවීගේ හුටපටයේ තවත් තොරතුරු කරළියට.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ‘මොනෑක් රෙසිඩන්සි’ හී අර්ජුන් ඇලෝසියස් මහතා නිවසක් ලබා දී ඇති බව තමා දැනගත්තේ ජනමාධ්‍ය වලින් යැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අද (10) පැවසීය.
ජාතික සේවක සංගමයේ විධායක කමිටු සාමාජිකයෙක් වන සමන් කුමාර සේවක අර්ථ සාධක අරමුදලේ ප‍්‍රධාන ගැනුම්කරු ලෙස පත් කළේ සේවක අර්ථ සාධක අරමුදලේ ප‍්‍රධානියාගේ ඉල්ලීමට යැයිද සෘජු ස්ථාන ගත කිරීමේ ක‍්‍රමවේදයට එරෙහිව ප‍්‍රාථමික ගැනුම්කරුවන් කළ පැමිණිලි සම්බන්ධයෙන් තමන් සාකච්ඡා කළේ යැයිද ඒ මහතා පැවසීය.
පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන තමාගේ මිණිපිරියගේ උපන්දින උත්සවවලදී මෙන්ම ප‍්‍රාථමික ගැනුම්කරුවන්ගේ රැස්වීම්වලදීත් මුණ ගැසී ඇතැයි ඒ මහතා කීය.

Be First to Comment

Leave a Reply