Press "Enter" to skip to content

තරුණියන් 53 ක් සමග ලිංගිකව එක්වී 30 කට ඒඩ්ස් බෝ කළ මිනිමරු වැලැන්ටිනෝට ලැබුණු දඬුවම

තමන්ට HIV ඒඩ්ස් රෝගය වැළඳී ඇති බැව් දැන සිටියදීම කාලයක් පුරා සිතාමතාම එම රෝගය බෝ කිරීමේ අදහසින් තරුණියන්  දෙනෙකු සමග ලිංගිකව හැසිරුණු තරුණයෙකු ගැන පුවතක් ඉතාලියෙන් වාර්තා වනවා.

33 හැවිරිදි වියේ පසුවන Valentino Talluto නැමැති මෙම තරුණයාට රෝමයේ අධීකරණයක් විසින් මෙම වරදට පසුගියදා වසර 24 ක සිර දඬුවමක් පැනවුවා.

මෙම තරුණයාට ඒඩ්ස් රෝගය වැලඳී ඇත්තේ 2006 වසරේදීයි.

ඔහුට එම රෝගය ඔවුන්ගේ මව් පියන්ගෙන් වැලඳී ඇති බවටයි ඔහු සැක කරන්නේ. මෙම පුද්ගලයාගේ මව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කාන්තාවක් වූ අතර ඇය ඔහුට වයස 4 දී ඒඩ්ස් රෝගයෙන් මියගොස් තිබෙනවා.

 

හෙළිවී ඇති කරුණු අනූව මෙම පුද්ගලයා කාන්තාවන් 53 දෙනෙකු පමණ ලිංගිකව ඇසුරු කර ඇති අතර මෙයින් 30 දෙනෙකුට ඒඩ්ස් රෝගය වැලඳී තිබෙනවා.

ඔහු සමහර කාන්තාවන් සමග ආරක්ෂාකාරී ලෙස ලිංගිකව හැසිරී ඇති අතර ඔවුන් මෙම රෝගයෙන් බේරී තිබෙනවා.

නමුත් අනෙකුත් සියලු කාන්තාවන් හට ඔහු ඒඩ්ස් රෝගය බෝ කර තිබුණා.

ඔහු ලිංගිකව එක්වුණු ලාබාලතම තරුණිය වයස 14 ක් වන දැරියක් බව පැවසෙන අතර ඇයට මේ වන විට ඒඩ්ස් වැලඳී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාට කුඩා කාලයේ සිටම මේ රෝගය වැළඳී තිබී ඇති අතර එය හඳුනාගෙන ඇත්තේ 2006 වසරේදීයි.