Press "Enter" to skip to content

පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායකගෙන් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්දයෙන් ඉඟියක්

ඉදිරි ජනාධිපතිවරණයට ද තම පක්ෂෙයන් ඉදිරිපත් කරන්නේ පොදු අපේක්ෂකයෙකු බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ මල්වතු – අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මල්වතු මහා විහාරය වෙත ගිය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අද මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැදැක උද්ගතව ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළා.

පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මත වූ බව කියන විශ්වාසභංග යෝජනාව හා මන්ත්‍රි අත්සන් ලේඛනයක්ද මන්ත්‍රිවරුන් එහිදී මහ නා හිමියන් වෙත භාරදුන්නා.