Press "Enter" to skip to content

අසැබි දසුන් බැලූ බස්නාහිර මන්ත්‍රීවරුන් ගැනදැඩි පරීක්ෂණයක්

බස්නාහිර පළාත් සභාවේ සභාවාරය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹු බව කියන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ සවිකර තිබු ටැබ් පරිඝණක භාවිතා කරමින් මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස අසභ්‍ය දර්ශන නරඹා ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

අධික මුදලක් වැය කරමින් නවීන තාක්ෂණික උපකරණ ද සහිතව බස්නාහිර පළාත් සභාවේ ඉදිකල නව ගොඩනැගිල්ලේ පළමු සැසිවාරය ඊයේ (19) පැවැත්වුණා.

එහිදි ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් සිටි අවස්ථාවේදි මන්ත්‍රිවරුන්ගේ මේසවල සවිකර තිබූ ටැබ් පරිඝණකයක විඩියෝ පටයක් වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් සභාවේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.