Press "Enter" to skip to content

සුපිරි දකුණු ඉන්දීය නළු විජේ රඟන සර්කාර් චිත්‍රපටය පළමු දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 30 ඉක්මවයි

සුපිරි දකුණු ඉන්දීය නළු විජේ රඟන සර්කාර් චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ කළ දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 30 ඉක්මවා මුදල් ඉපැයීමට සමත්ව තිබේ.

 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ලොව පුරා සිනමාහල් 3000කට වැඩි සංඛ්‍යාවක තිරගත කෙරුණු මෙම චිත්‍රපටයට ඉන්දීය මෙන්ම විදේශික ප්‍රේක්ෂකයින්ගෙන් ද ඉතා ඉහළ ප්‍රතිචාර හිමිව ඇති බව ය.

මේ අනුව සර්කාර් චිත්‍රපටය, බාහුබලී 2 චිත්‍රපටය තිරගත කිරීම් ඇරඹි දිනයේදී තැබූ ආදායම් වාර්තාව බිඳ හෙලූ බව ද සඳහන් ය.මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂ ආර්.මුරුගදෝස් ⁣වන අතර ඔහු මීට පෙර ගජිනි ආදී බොක්ස් ඔෆිස් වාර්තා තැබු චිත්‍රපට රැසක අධ්‍යක්ෂක වේ.

( තිළිණි ද සිල්වා )

ටයිම්ස් නව් ඇසුරෙනි