ජන මහිම රැළිය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දක්වන අදහස්.
” මම සතුටුවෙනවා අවුරුදු හතරකට පස්සේ මහින්ද රාජපක්ෂ මහතාටත් මටත් එකම වේදිකාවකට එන්න ලැබීම ගැන. නොවැම්බර් මාසය පුදුම මාසයක්. 2014 මම මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වුණා. 2018 නොවැම්බර් මාසයේදී අපි එකම වේදිකාවකට ආවා. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරිමෙන් බලාපොරොත්තු වුණේ, පුටවට මාරු කළේ ශරීර දෙකක් නෙමෙයි. මේ මාරු වුණේ මිනිස්සු දෙන්නෙක් නෙමයි. මේ මාරු වුණේ මේ රටට අහිතවත් අපට නොගැලපෙන අපේ සිතුම් පැතුම් හඳුනා නොගත් දර්ශණයයි අපි පුටුවෙන් ඉවත් කළේ.
මේ පුටුවට පත්කළේ අපට රටට ගැළපෙන දේශයට ගැලපෙන, විදේශීය දේශපාලන න්‍යායන් ප්‍රතික්ෂේප කරන මහින්ද රාජපක්ෂ මහතායි. මේක පුළුල් පරමාර්තයක්. පුළුල් දැක්මක්. දේශපාලන වශයෙන් ගුණාත්මක භාවයක්. කළ යුතු දෙයක්. “




