Press "Enter" to skip to content

ප්‍රියංකා මේගන් මාර්ක්ලේ ගැන සතුටින්

සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් මාර්ක්ලේ ගැබිණියක බැව් ප්‍රකාශයට පත් වූ විට ඇගේ හොඳ මිතුරියක වන ප්‍රියංකා චොප්රා ඒ පිළිබඳව බොහෝ සෙයින් සතුටු වුවාය.

‘‘මේක ගැහැනියකගෙ ජීවිතයේ අලූත්ම පරිච්ෙඡ්දයක්.. ඇත්තටම යාළුවෙක් විදියට මම හුඟාක් සතුටු වෙනවා.. මේගන් මවක් වීමට ආසාවෙන් හිටියෙ.. ඒ හින්දා ඇය මොන තරම් සතුටින් ඇද්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. ඇය මේ අවස්ථාවට ඉතාමත්ම සාර්ථකව මුහුණ දෙයි..’’

සිය මිතුරියට සුබ පතමින් ප්‍රියංකා පැවසුවාය.

බ්‍රිතාන්‍යයේ කිරුළට උරුමකම් කියන හය වැන්නා වන හැරී කුමාරයා සහ හොලිවුඞ් නිළියක වූ මේගන් මාක්ලේ විවාහ වූයේ පසු ගිය මැයි 19දාය. මේ මංගල උත්සවයට ප්‍රියංකා චොප්රාටත් ආරාධනා ලැබිණි.