Press "Enter" to skip to content

රන්වීර් – දිපීකාගේ සුපිරි විවාහය මුම්බායිවලදී

නොවැම්බර් 14 හා 15 දෙදින තුළ මුම්බායිහි රන්වීර් සිං හා දිපීකා පදුකෝන්ගේ විවාහ පැවැත්වීමට නියමිතව ඇතැයි ‘ඉන්දීය ටයිම්ස්’ වෙබ් අඩවිය සඳහන් කරයි.

පසුගිය කාලයේ මොවුන් දෙදෙනාගේ විවාහය කල්ගත වන බවට ඉඟි පළවුවද පසුව රන්වීර් හා දිපීකා නොවැම්බර් 05 වැනිදා පවත්වන්නට සැලසුම් කළ සිය විවාහය ඉන් දින කිහිපයකට පසුව පවත්වන්නට කටයුතු යොදා තිබුණි.

නොවැම්බර් 14 වැනිදා සිය විවාහය සිදුවන අතර, නොවැම්බර් 15 වැනිදා කලා කරුවන්, ක්‍රීඩා තරු මෙන්ම දේශපාලනඥයින් 500කට අධික පිරිසක් සහභාගි වුණ උත්සවයද පැවැත්වීමට නියමිතව ඇත. දිපිකා හා රන්විර් දෙදෙනාගේ විවාහය වන සතියේම සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා හා ඇමෙරිකානු පොප් ගායක නික් ජෝන්ස්ගේ විවාහයද රාජ්පුර්හිදි සිදුවීමට නියමිතව ඇත.