බුකිය සංවේදී කළ දරුණු මාරක අනතුරේ කිසිවෙකුත් නොදත් කතාව – Photos
කැඩිලා එල්ලෙන ලේ ගලන අත දැකලා මිනිස්සු බයවෙලා කෑගැහුවා..
උබේ අත කැඩුන කියන්නේ අපේ අත කැඩුන වගේ මල්ලී..
කෑගල්ල අවිස්සාවේල්ල ප්රධාන මාර්ගයේ පිංදෙණිය පාලම අසලින් මෝටර් රථයක් ගුරුගොඩ ඔයට වැටීමෙන් පසුගිය 18 වන දින පස්වරුවේ සිදුවු අනතුරකින් තිදෙනෙකු ( මව/පියා/පුතා ) තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
එම අනතුරෙන් කාර් රථය පැදවූ තරුණයාගේ අත දැඩි ලෙස බිඳි ගොස් තිබුණත් එම අවස්ථාවේ තම මව්පියන් ගැන සිතූ එම තරුණයා තමාගේ බිඳුනු ගැනවත් සැලකිල්ලට නොගෙන තම මව්පියන් රෝහල වෙතට ගෙන යාම සඳහා මහත් උත්සාහයක් ගෙන තිබුණා. තම ජීවිතය දෙවැනි තැනට දමා මව්පියන්ගේ ජීවිතය බේරාගැනීමට මොහු කළ කැපවීම ගැන අනතුරෙන් දින කිහිපයකට පසු ඔහුගේ මිතුරෙකු ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් මෙලෙස තබා තිබුණා..
උබනම් යකෙක් මල්ලී..
කාර් එක කන්දෙන් පහලට වැටෙන වෙලාවේ උබ උබ ගැනවත් හිතන්නෙ නැතුව තාත්තා බේරගන්න අත දැම්මේ නැත්තම් අත කුඩු වෙන්නෙ නෑ මල්ලී..
කාර් එක පහලට වැටුනට පස්සේ කුඩු වෙලා එල්ලෙන අත ගැන හිතන්නෙ නැතුව අම්මයි තාත්තයි කාර් එකෙන් එලියට අරගෙන අඩි 50ක් විතර කන්ද නැගල පාරට එක්කරගෙන ඇවිත් කැඩිල එල්කෙන ලේ ගලන අත දැකල මිනිස්සු බයවෙල උබව hospital ගිනියන්න හදද්දි මිනිස්සුන්ට කෑ ගහල ලොකු අමාරුවක් නැති අම්මවයි තාත්තවයි මුලින් තිබුන වහනෙ hospital එකට යවපු උබ යකෙක් බන්..
operation theater එකට යවන්න කලින් පැය 12 ක් උබට hospital එකේ ward එකට වී ඉන්න උනා.උබේ අත දැකල අපිට කෙදිරි ගෑවෙද්දි උබ ලොකු වේදනාවක් දරාගෙන ආපු හැමෝමත් එක්ක හිනා වෙවී කතා කරා මල්ලී.. පැය 6 ක operation එකෙකින් අතේ අස්ථි විදල ඇන 12 දාල plates දාල අත හදල ward එකට ගෙනල්ල සිහිය ආවට පස්සේ පොඩි operation කරපු ලෙඩ්ඩු වේදනාවෙන් කෑ ගහද්දි කෙදිරි ගාද්දි උබ අපිත් එක්ක හිනාවෙවී රටේ ප්රශ්න ගැන කතා කරේ මල්ලී… ඒ වෙලාවෙ උබ ලග හිටිය මමයි Thamara අයියයි කතා උනේ උබනම් යකෙක් කියලා.
මල්ලී…උබේ අත කැඩුන කියන්නේ අපේ අත කැඩුන වගේ Keshawa මල්ලී… ඉක්මනට සනීප වෙලා වරෙන් මල්ලී …අපිට වැඩ ගොඩක් තියෙනවා කරන්න ඉස්සරහට.. ආදරෙයි උබට අපි හැමෝම .!




