Press "Enter" to skip to content

හදිසියේ ගින්නක් ඇතිවූ මහල් හයකින් යුත් ගොඩනැගිල්ලකින් පුද්ගලයින් 65ක් බේරා ගනී

කුවේටයේ අල්-අමියා නගර ආසන්නයේ පිහිටා ඇති මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක හදිසියේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ගොඩනැගිල්ල තුල සිර වී සිටි පුද්ගලයන් හැට පස්දෙනෙක් (65) බේරාගැනීමට ගිනිනිවන භටයන් සමත් වී ඇත.

ගින්න නිවා දැමීම සඳහා ගිනිනිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වු අතර ගිනිනිවන රථ තුනක් යොදාගැනීමට සිදු වී ඇත.

මුලින් හතරවන මහලේ ගින්න ඇති වී ඇති අතර ටික වේලාවකින් පසු විශාල ලෙස ගින්න පැතිරී ගොස් ඇත.

ගින්න ඇතිවීමට හේතු වු කරුණු සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.