කාල ක්ෂේත්‍රය තුළ නිතර කතා බහ වෙන රංගන ශිල්පිනියක් වන ලෝචනා ඉමාෂි මේ දිනවල නැවතත් ලංකාවට පැමිණ සිටියි.
සිය සැමියා රැකියාව නිතරව සිටින නෙදර්ලන්තයේ මීට මාස කිහිපයකට පෙර ගිය ලෝචනා නැවතත් ලංකාවට පැමිණ ඇත්තේ සිය ව්‍යාපාරික කටයුතු නිසා බව සඳහන් වේ.
ඒ පිළිබඳව අපි ඇයගෙන් මෙසේ විමසුවෙමු.
‘බබා මා ගාව හිටිය නිසා තමයි හදිස්සියේම නෙදර්ලන්තයට ගියේ. නමුත්, ලංකාවේ වැඩ ගොඩක් අත්හැරලා තමයි ඒ ගමන ගියේ. ඉතින් ඉක්මණ්ටම ආයෙත් ලංකාවට එන්න වුණා. විශේෂයෙන්ම මම පටන් ගත්ත ‘ලෝචි’ සැලොන් එක කරගන යන්නත් එක්ක. ඊට අමතරව කලා කටයුතු කිහිපයකටත් සම්බන්ධ වෙන්න හිතාගෙන තමයි මේ පාර ලංකාවට ආවෙත්. කොහොමත් නෙදර්ලන්තේට වඩා ලංකාවට ආවාහම මම ගොඩක් කාර්යබහුලයි.’




