කලහකාරී සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායක දමිත් අසංක ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.
ඊයේ රාත්‍රී වැල්ලවායේ පිහිටි නිවසේදී මත්ද්‍රව්‍ය භාවිත කර කලහකාරීව හැසිරීම හේතුවෙන් අසල්වාසීන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දී තිබුනා.
ඒ අනුවයි දමිත් අසංක පොලිස් අත්අඩංගුවට ගෙන තිබුනේ.
පසුව ඔහු අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුනා.
මහේස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත්තේ ජනප්‍රිය ගායන ශිල්පියා හෙට මානසික වෛද්‍යවරයෙකු වෙතට ඉදිරිපත් කරන ලෙසටයි.
රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඔහු මොණරාගල බන්ධනාගාරයට රැගෙන ගිය බව අප වාර්තාකරු සඳහන් කළා.




