Press "Enter" to skip to content

විවේක කාමරයේදී ඔහු මාව 13 වතාවක් දුෂණය කළා

කන්‍යා සොහොයුරියක්‌ 13 වතාවක්‌ දූෂණය කිරීමේ චෝදනා ලැබූ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ රදගුරු ෆ්‍රැන්කෝ මුලක්‌තල් එරට ප්‍රාන්ත පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. ඒ දින තුනක මෙහෙයුමකින් පසුවයි.

44 හැවිරිදි කන්‍යා සොහොයුරියක්‌ පසුගිය ජුනි මාසයේ පොලිසියට පැමිණිලි කර තිබුණේ මේ බිෂොප්වරයා 2014-2016 කාලය තුළ තමා 13 වතාවක්‌ දූෂණය කළ බවයි. තමන් කන්‍යා සොහොයුරියන්ගේ විවේක කාමරයකදි මෙලෙසට රදගුරුවරයා විසින් දූෂණය කළ බවට ඇය පොලීසියට පවසා තිබෙන බවත් සදහන්.

මෙලෙසින් අත්අඩංගුවට පත්වූ සැකකාර ෆ්‍රැන්කො මුලක්තල් බිෂොප්වරයා 54 හැවිරිදි පුද්ගලයෙක්. මෙම බිෂොප්වරයා අත්අඩංගුවට ගත යුතු යෑයි කේරළයේ කන්‍යා සොහොයුරියෝ උපවාසයක්‌ පවා පවත්වා තිබෙනවා.