Press "Enter" to skip to content

මෙගන් මාකල් මවු පදවියට

මේඝන් තෝරාගෙන ඇත්තේ ළිහිල් ඇඳුම් කිහිපයක්ලු….
මේඝන්ගේ මවත් දරුවන් රැකබලාගන්න පන්තියකට ගිහින්

බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත් ම සාමාජිකාව හෙවත් සුපිරි හොලිවුඩ් නිළි මේඝන් මාක්ල් තම මව (ඩොරියා) සහ සැමියා (හැරී කුමරු) සමඟ ලන්ඩනයේ රෙදිපිළි සාප්පුවකට ගිය පුවතක් නිසා උණුසුම් කතා බහක් ඇතිවෙලා. මේඝන් එහිදී තෝරාගෙන ඇත්තේ ළිහිල් ඇඳුම් කිහිපයක්ලු.

වගතුග දන්නා උදවිය පවසන්නේ මේඝන් දරුවකු ලැබීමට සිටින නිසා එවැනි අැඳුම් මිලදී ගත් බවයි.

ඒ විතරක් නොවෙයි. මේඝන්ගේ මව ළඟදීම තම මවුරට වන ඇමරිකාවට ගොස් ලොස් ඇන්ජලීස් නුවර පිහිටි දරුවන් රැක බලා ගන්නා අන්දම කියාදෙන විශේෂ පන්තියකට සහභාගි වන්නට සැලසුම් කරගෙන සිටිනවාලු.

බ්‍රිතාන්‍යයේ පුවත්පත් කිහිපයක් ම සඳහන් කර ඇත්තේ රජ පවුලට හිතවත් බොහෝ දෙනකු විශ්වාස කරන්නේ මේඝන් කුමරිය ළඟදීම මවු පදවිය ලැබීමට සූදානම් වන බවයි.

මේඝන් ගේ පියා ඇය සමඟ අමනාපයෙන් පසුවුණත් ඇගේ මව ඇයට දැඩි සෙනෙහසක් දක්වනවා. ඒ බව දැන් හොඳින් ම තහවුරු වී ඇත්තේ මේඝන් ගේ ඉදිරි වැඩ කටයුතුවලට ඇගේ මව දැඩි කැපවීමකින් කටයුතු කරන නිසයි.

රජ පවුලට සමීප ආරංචි මාර්ග පවසන්නේ ළඟදීම මේඝන් මවු පදවිය ලදහොත්, ඇයට ලැබෙන දරුවා වෙනුවෙන් සහය වීමට පිටස්තර කාන්තාවකගේ සේවය ලබා ගැනීමට ඇය අකැමැති බවයි. තමන්ගේ මව මිස වෙනත් අයකු ඊට සුදුසු නැතැයි මේඝන් පවසා සිටිනවා…..