Press "Enter" to skip to content

සැමියා ගස් බැද බිරිදව කෙලෙසු පුද්ගලයින් දෙදෙනාට වසර 34ක සිර දඩුවමක්

පොලිසියෙන් කියා රෑ නිවසට ඇවිත්..
මුදල් හා රන් භාණ්ඩත් කොල්ල කාලා..

පොලිසියෙන් යැයි පවසා මහ රෑ නිවසට පැමිණ අවි පෙන්වා බිය ගන්වා දේපළ කොල්ල කා දෙදරු මව සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් දෙදෙනකුට වසර 34 ක සිර දඬුවමක් හා වින්දිත පාර්ශවයට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

බරපතළ වැඩ සහිත මෙලෙස සිරදඬුවම් නියම වූයේ හුංගම, දෙනියහන්දිය කඬේ පදිංචි කරුවන් දෙදෙනකු වන ඩී. කේ. පී. නිශාන්ත කුමාර නොහොත් මද්දු හා ටී. ජී. පියරත්න නමැති සැකකරුවන් දෙදෙනාටයි.

සැකකරුවන් දෙදෙනා 1994 වර්ෂයේ නොවැම්බර් මස 2 වන දින අලූයම 02 ට පමණ D-02 ඇල, නුගේවෙල, මාමඬල, අම්බලන්තොට ප්‍රදේශයේ නිවසකට පැමිණ නිවසේ නිදා සිටි අය පොලිසියෙන් ආ බව පවසා ඇහැරවා අත් පා ගැට ගසා අවි පෙන්වා බිය ගන්වා ඔවුන් සන්තකයේ තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ල කා ඇති අතර පසුව සැකකරුවන් නිවසේ සිටි 28 හැවිරිදි ගෙහිමියා මිදුලේ ගැටගසා සිටියදී 22 හැවිරිදි දෙදරු මව නිවස තුළට රැගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර සැකකරුවන් පලා ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් නිවැසියන් අම්බලන්තොට පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරා ඔවුන්ට එරෙහිව පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු අදාළ චෝදනා සඳහා සැකකරුවන් වැරදි කරුවන් බවට ඔප්පු වී ඇති අතර සැකකරුවන්ට එරෙහිව හම්බන්තොට මහාධිකරණයේ නඩු විභාගය ආරම්භ වූ දින පටන්ම එක් සැකකරුවෙකු අධිකරණය මග හැර සිටි අතර එක් සැකකරුවෙකු පමණක් අධිකරණය හමුවේ පෙනී සිට තිබුණා.

ඒ අනුව සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙකු නොමැතිව පැවති දීර්ඝ නඩු විභාගයෙන් පසු සැකකරුවන්ට දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු වරයා පළමු සැකකරු වන ඞී. කේ. පී. නිශාන්ත කුමාර යන අයට එක් චෝදනාවකට වසර 12 ක බරවැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 5000ක දඩ මුදලක්ද තවත් චෝදනාවකට වසර 05 ක බර වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 5000 ක දඩ මුදලක් හා අගතියට පත් කාන්තාවට රුපියල් 150,000/= ක වන්දි මුදලක්ද නියම කෙරිණි. දඩ මුදල් හා වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 04 ක සිර දඬුවමක්ද ඔහුට නියම කෙරෙුණා.

දෙවන සැකකරු වන ටී. ජී. පියරත්න යන අයට එක් චෝදනාවක් සඳහා වසර 12 ක බර වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 5000 ක දඩ මුදලක් නියම කෙරුණු අතර, තවත් චෝදනාවක් සදහා වසර 05 ක බර වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 5000 ක සිර දඬුවමක් නියම කෙරිණි.