Press "Enter" to skip to content

හැබැයි එතැනින් පස්සේ අපිට කිව්වෙ මොනවද කියලවත් එයාට මතක නෑ.

හර්ෂ තෙන්නකෝන් දක්‍ෂ රංගන ශිල්පියෙක්. ඔහු හැමතැනම පේන්න ඉන්න කෙනෙක් නෙවෙයි. හැබැයි අවශ්‍ය තැන පේන්න ඉන්න කෙනෙක්. හර්ෂගෙයි තනුක්‍ෂිගෙයි පවුලට දැන් තවත් කෙනෙකුත් එකතු වෙලා. මේ හැමදේම එක්ක හර්ෂ කියන්නේ කොහොම කෙනෙක්ද කියලා දැන ගන්න අපිට හිතුණා. හර්ෂගේ බිරිය තනුක්‍ෂිව තමයි හර්ෂගේ ගුණ අගුණ එක්ක ඇත්තම කතාව පුවත් පතක කියා තිබුනේ මෙහෙමයි.

පෙම්වතා විදියට

මුලින්ම මම හර්ෂව දැක්කේ කැම්පස් එකේදී. ඊට පස්සේ බස් එකේදී හම්බවුණා. මම ඩාන්සින් ෆීල්ඩ් එකේ ඉඳිද්දී මට ගොඩාක් ආර්ටිස්ට්ලා හම්බවෙලා තියෙනවා. හැබැයි හර්ෂ වෙනස්. බොරු වැඩ නෑ. මාව හම්බවෙන්න ආපු පළමුවැනි දවසෙත් ආවේ සෙරෙප්පු දෙකක් දාලා ටීෂර්ට් එකක් ඇඳගෙන.

සැමියා වුණාට පස්සෙ

සැමියා වුණාම පෙම්වතා විදියට හිටපු කාලෙට වඩා ටිකක් වෙනස් වුණා. සමහර තැන්වල ආදරේ වැඩි වුණා. සමහර තැන්වල ආදරේ අඩු වුණා. ඉස්සර වගේ නෙවෙයි. මම ඩාන්සින් කරනවාට නම් එයා වැඩිය කැමැති වුණේ නෑ.

පියෙක් විදියට

පුතාට හරි ආදරෙයි. පුතා හම්බ වෙන්නත් කලින් බලු පැටියෙක් හිටියා. මටත් වඩා දැන් බල්ලටයි පුතාටයි ආදරෙයි.

ජීවිතයේ නැතුවම
බැරි අය

බලු පැටියයි, මායි, පුතයි තමයි එයාට නැතුවම බැරි අය.

පවුලේ වැඩකටයුතුවලට දෙන දායකත්වය

ඉස්සර නම් මොකක් හරි කරන්න කිව්වම මට බෑ, දන්නෙ නෑ, කැමැති නෑ කියනවා. හැබැයි වැඩ කරන්න පටන් ගත්තේ බල්ලාව ගෙනාවම. එයාට කෑම දෙනවා. දැන්නම් බබාගේ වැඩත් කරනවා. බබාව නාවන්න උදවු කරනවා. ඒ වගේ වැඩවලට දැන්නම් උදවු වෙනවා.

හර්ෂ කෙනකුගේ අකැමැතිම ගතිගුණ

වෙලාවට වැඩ කරන්නේ නැති එකට තමයි අකැමැතිම. හැබැයි වෙලාවට වැඩ නොකරන පුරුද්ද මටත් තියෙනවා. දැන් නම් ඒක අඩුයි පුතා හින්දා.

තෑගි විදියට ලබන්න කැමැති දේවල්

කෑමවලට තමයි වැඩිපුරම කැමැති. තෑගි විදියට එයා කැමැති කෑමක් දෙනවානම් එයා ගොඩක් කැමැතියි.

හර්ෂට කේන්ති ගියාම

කේන්ති ගියාම නම් ගන්න දෙයක් නෑ. නපුරුම නපුරුයි. මං දැකපු නපුරුම කෙනා තමයි ඒ. කෑ ගහනවා. ඒ වෙලාවට අපිටත් බනිනවා. හැබැයි එතැනින් පස්සේ අපිට කිව්වෙ මොනවද කියලවත් එයාට මතක නෑ.

දුක හිතුණම

ගොඩක් වෙලාවට දුක හිතෙන්නේ බල්ලට හරි පුතාට හරි මොනව හරි වුණොත් තමයි. ඒ වගේ වෙලාවට නම් අඬලාත් තියෙනවා.

සතුටක් දැනුණාම

මට පුතා හම්බවුණු වෙලාවේ තමයි සතුටින් හිටියේ. ඒ වෙලාවේ මට ඇඳුම් වගයක් ගේන්න හර්ෂ ගෙදර ගියා. හොස්පිට්ල් එකෙන් යනකොටත් හිනාවෙවී ගිහින් තියෙන්නේ. පස්සේ එයාටම ලැජ්ජ හිතිලා තනියම හිනා වෙවී හිටියට. ලිෆ්ට් එකේ ඉඳලා ෆොටෝ එකකුත් අරන් මට පෙන්නුවා.

ළඟම යාළුවෝ

පොඩි කාලේ ඉඳන්ම ඉන්න යාළුවෝ ටිකක් එයාට ඉන්නවා. ෆීල්ඩ් එකේ අයගෙන් ජගත් අයියා, කළණ අයියා ඒ වගේම ධනුෂ්ක රත්නායක අයියා සහ එයාගේ පවුලේ අය තමයි ළඟින්ම ආශ්‍රය කරන්නේ.

රංගනයට අමතරව තිබෙන දක්‍ෂතා

ක්‍රීඩාවලට දක්ෂයි. හැබැයි කාලෙත් එක්ක ඒ දේවල් මඟඇරිලා තියෙනවා.

අපි නොදන්න රහස්

එයා එළියට පේන්න ඉන්නේ බෑන් චූන් වගේ. හැබැයි හරිම සංවේදියි. කේන්ති ගියාම කෑ ගහනවා. දුක හිතුණාම අඬනවා. අන්න ඒ වගේ කෙනෙක් තමයි එයා.