Press "Enter" to skip to content

හිරු ශාක්‍යසිංහ මංගල්‍යය,රුවන්වැලි මහා සෑය,ආලෝක කරණය හා වෙසක්

හිරු මාධ්‍ය ජාලය තුලින් සංවිධානය කරන ලද රුවන්වැලි මහසෑරජුන් අභියස කරනා වෙසක් පෝ දින පිංකම් මාලාවේදී ඩිජිටල් ආලෝක ධාරා මගින් සෑ රජුන්ට අගෞරවයක් වන ආකාරයට ඩිජිටල් ආලෝක රටා (Video Mapping) නිර්මානය කර බවට පලවු ප්‍රචාරයන් ඔබ දැනටමත් දැක ඇති, ඒ සියල්ලම හුදු සාවද්‍ය ප්‍රචාරයන් වේ, ඒවා හුදෙක් හිරු නාලිකාව සමග ඇති ඇරියස් කවර් කිරීමකි.

මේ පෝස්ට් හිරු නාලිකාවට විරුද්ධව ශෙයාර් කරපු අයට මතක් කල යුතු තවත් දෙයක් ඇත එනම් නාලිකාව මගින් සෑ රජුන් නැමදීමට එන ලක්ශ සංඛයාත සිල්වතුන්ගේ පහසුව පිනිස සම්පූර්ණයෙන්ම සපතල මලුවම ආවරනය වන පරිදි බුමුතුරුනු එලා ආවරනය කල බවයි , ඉදිරියේදි ඔබ සැ රජුන් නැමදීමට ගියහොත් එය කෙතරම් අනර්ඝ පුණ්‍යකර්මය යන්න ඔබට මැනවින් පසක් වෙනු ඇති , දිවාකාලයෙදී අධික රස්නය නිසා පීඩාවිදින සිල්වතුන් වෙනුවෙන් හිරු සිදුකල මෙවන් ක්‍රියා ඇගයීමට කිසිවෙකුත් නැත.නමුත් අදාල නොවනා වූ ජායාරූප ශෙයාර් කිරීමට නම් වුවමනාවටත් වඩා පිරිස ඇත.අවසනාවක මහත නම් කිසිවෙක් නොකළ මෙවන් පින්කම් අගය කරනවා විනා හුදෙක්ම හෙලා දැකීමට පිරිස් ඉදිරිපත් වීමයි .

අවසානයට කිවයුතු දෙයක් ඇත තාක්ෂණය ඉදිරිටය යනවිට ඒ හා වෙනස් විය යුතුය.මෙය හුදෙක්ම පැය කිහිපයක් වර්ණවත් කිරීම සඳහා සිදුකල තාවකාලික ක්‍රියාවකි.මෙයට පෙරද හිරු මාධ්‍ය ජාලය විසින් මහියංගණය සහ කුරුණෑගල රිදී විහාරය යන පුදබිම් හිදීද මෙවැනි ආකාරයේ පින්කම් කල බව නොරහසකි. ඩිජිටල් තාක්ෂණයෙන් රුවන්වැලි සෑ රජුන් ආලෝකමත් කිරීම එක සිතින් බැතිමත්ව අනුමත කරන අතර ඉදිරියටත් බුද්ධශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙවන් බුද්ධාලම්භන ප්‍රීතිය ඔදවඩන මෙවන් පිංකම් සිදු කිරීමට ශක්තිය ලැබේවා!!!!!