නව පරපුරේ ජනප්‍රිය නළු කාවිංග පෙරේරා අද විවාහ දිවියට එළඹෙනවා.
ඒ වෘත්තියෙන් වෛද්‍යවරියක වන සනායා සමගින්.
වසර දෙකක ආදර අන්දරයක ප්‍රතිඵලයක් ලෙසයි ඔවුන් අද රාත්‍රියේ විවාහ දිවියට පා තබන්නේ.
කොළඹ පිහිටි සුපිරි හෝටලයක පැවැත්වෙන ඔවුන්ගේ විවාහ උත්සවයට කලා ලොවේ සුපිරි තරු රැසකට ආරාධනා ලැබී ඇති බවත් දැනගන්නට ලැබෙනවා.
මේ අතර කාවිංග පෙරේරාගේ විවාහයට සුබ පැතුම් එක් කරමින් ශලනි තාරකා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා තිබුණා.





