ඇය කලාවට පිවිසෙන්නේ නිරූපන ක්ෂේත්රය ඔස්සේ වුවත් මේ වනවිට රිදී තිරයේ පෙම්වතියට හිමිකම් කියන්න ඇයට හැකි වී තිබෙනවා. මේ දවස්වල කාගේත් අවදානය දිනා ගැනීමට සමත් ඇයව අපි හිරු ගොසිප් 2nd chance සමග එකතු කරගන්න සිතුවා. ඇය නමින් ටීනා ෂනෙල්.
ඔබ ටීනා ශනෙල් නොවුනානම් ?
මම එහෙනම් දීපිකා පදුකෝන් තමයි.
ඇයි ඒ ?
මම කැමතියි එයාගේ ඒ ලස්සනට.
ඔබ ලංකාවේ ඉපදුණේ නැත්නම් ?
අනේ වාසනාවන් මම එහෙනම් ඉපදෙන්නේ ඇමරිකාවේ තමයි.
ඇයි ඒ ?
ඒ රටවල් වල මිනිස්සු කුණු හොයන්නේ නැහැනේ මඩ ගහන්නේ නැහැනේ.
ඔබේ භාෂාව සිංහල නොවුනානම් ?
මගේ භාෂාව හින්දි මම ආසයි හින්දි වලට .
ටීනා නිරූපිකාවක් නොවුනානම් ?
මම එහෙනම් නිළියක් විතරක්ම වෙයි. එත් මන් ආසයි ඔය දෙකම කරන්න.
ඔබේ පෙම්වතා නදීමාල් නොවුණානම්?
හ්ම් මම කැමතියි ශාරුක් ව විවාහා කරගන්න.
සජිවී වැඩසටහනකදී ටීනාට අකරතැබ්බියක් සිදු නොවුණානම්?
එහෙනම් විදයම් නොකරම trending වුන එක නවතින්න තිබ්බා.
ඔබ ගැහැණියක් නොවුණානම් ?
මම එහෙනම් එළකිරි කොල්ලෙක් වෙනවා.
ඔබේ ගම මිගමුව නොවුණානම් ?
එහෙනම් කොළඹ 07 තමයි.
ඔබ කැමතිම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ නොවුණානම්?
මහින්ද නැත්නම් මම කැමතියි ට්‍රම්ප්ට.
ටීනා මනුෂයෙක් නොව්නානම්?
සතෙක් වෙනවා.
ඇයි ඒ ?
මොකද මේ මිනිස්සු හුඟක් කරන්නේ සත්තු කරන වැඩනේ. මතකනේ මගේන් වුන වැරැද්ද උලුප්පලා පෙන්නපු හැටි.
ඔබට මියගිය කෙනක්ව නැවත ගෙන්වන්න ලැබුනොත් කාවද ගෙන්වන්නේ ?
මම ගේන්නේ මගේ තාත්තාව.
ඇයි ඒ ?
ඒ තරම් හොඳ කෙනෙක් තවත් නැහැ. මගේ ජිවිතේ වැදගත්ම කෙනා එයයි.
ටීනා කැමතිම නළුවා උද්දික ප්‍රේමරත්න නොවුනානම් ?
එහෙනම් සාරංග ට තමයි මගේ කැමැත්ත.
ඔබ මේ යුගයේ ඉපදුණේ නැත්නම් ?
එහෙනම් මම ගල් යුගයේ තමයි ඉපදෙන්නේ .
ටීනා මේ වෙලාවේ 2nd chance වලට කතා නොකලානම් ?
එහෙනම් මට ශාරුක්ව බැඳලා සාරංගට කැමති වෙන්න ලැබෙන එකක් නැහැනේ.
(පියුමි කාරියවසම්)


























