“අපෙන් අවසර ඉල්ලලා ප්‍රසංගය තිබ්බේ..”
“අපිට සල්ලි දුන්නේ නැහැ..හොර කළා..”
හැටන් වටවල ප්‍රදේශයේ සර්කෝමා රෝගයෙන් පිඩා විදින පාසල් සිසුවෙකුට විදේශ ප්‍රතිකාර ලබා ගැනිමට ආධාර පිිණිස හැටන් ප්‍රදේශයේ ප්‍රධාන සිංහල පාසලක ආදි සිසුන් පිරිසක් විසින් සංගීත ප්‍රසංගයක් පවත්වා එම සංගිත ප්‍රසංගයෙන් ලැබු ආධාර මුදල් තමන් වෙත ලබා නොදුන් බව රෝගි සිසුවාගේ පියා වන ජි.ජි කල්‍යාණ තිස්ස චෝදනා කරනවා.
එම සිසුවාගේ රෝගි තත්ත්වය පිළීබද දැනගත් එම සංගිත ප්‍රසංගය පැවැත්වු තරුණයන් පිරිසක් එම රෝගි සිසුවාගේ නිවසට ගොස් ඔහුගේ දෙමවිපියන් මුණ ගැසි රෝගි සිසුවාට ආධාර ලබා දිම සදහා හැටන් නගරයේ සංගීත ප්‍රසංගයක් පවත්වන බවත් ඒ සදහා දැන්විමි වලට රෝගි සිසුවාගේ ජායාරූපයක් ලබාගෙන තිබෙනවා. එමෙන්ම එම සංගීත ප්‍රසංගය පැවැත්විමට එම සිසුවාගේ දෙමවිපියන්ගෙන් අවසරද ලබා ගෙන තිබෙනවා.
ඒ අනුව එම සංගිත ප්‍රසංගය පැවැත්විම සදහා හැටන් නගරයේ ඩි.කේ. ඩබිලිවි සංස්කෘති ශාලාවද වෙන් කරගෙන ඇත්තේ එම සිසුවාගේ රෝගි තත්ත්වය ශාලාව භාරකරුට පවසායි. එහිදි ඩි.කේ.ඩබිලිවි සංස්කෘතික ශාලාව භාරකරු විසින් ඉතා අඩු මුදලකට එම ශාලාව වෙන් කර දි තිබෙනවා. මෙම සංගිත ප්‍රසංගය පැවැත්විම සදහා රැපියල් 100/= 150/= බැගින් ප්‍රවේශ පත්‍ර විශාල ප්‍රමාණයක් මුද්‍රණය කර එම ප්‍රවේශ පත්‍ර නගර සභාවේද අනුමැතිය ඇතිව අලෙවි කර තිබෙන බව සදහන්. එහිදි ඇතැමි ප්‍රක්ක්‍ෂකයන් විසින් මෙම රෝගි සිසුවාගේ රෝගි තත්ත්වය ගැන සලකා ප්‍රවේශ පත්‍ර ගාස්තුවට වඩා වැඩි මුදලක් ගෙවා ප්‍රවේශ පත්‍රද මිලදීගෙන තිබෙනවා.
මේ අනුව මෙම සංගීත ප්‍රසංගය 2017.12.06 වන දින 2.30 සහ 6.30 වශයෙන් ප්‍රසංග දෙකක් පවත්වා ඇති අතර එම සංගිත ප්‍රසංග දෙක සදහාද විශාල ප්‍රේක්‍ෂකයන් පිරිසක් සහභාගි වි ඇති බවයි එම සිසුවාගේ පියා පවසන්නේ. එම සංගිත ප්‍රසංගයෙන් ලැබු ආදායමින් සංගීත සංන්දර්ශනය පැවැත්වු ශාලාවේ මුදලද සංගිත භාණ්ඩ සහ ශබිද විකාශන වලටද සංවිධායකයන් විසින් මුදල් ගෙවා තිබෙනවා. නමුත් ඉතිරි මුදල් මේ වන තෙක් තමන් වෙත ලැබු නොමැති බවයි එම රෝගි සිසුවාගේ පියා පවසන්නේ.මේ සමිබන්ධයෙන් එම සංගිත සංන්දර්ශනය සංවිධානය කළ අයගෙන් අවස්ථා කිහිපයකදි තමන් කරුණු විමසු විට එම මුදල් කඩිනමින් ලබා දෙන බවට අවස්ථා කිහිපයකදි ප්‍රකාශ කළත් තවමත් ඔහුන්ගේ දුරකථනයට කථා කලත් ඔහුන් නිසි ප්‍රතිචාරයක් නොදක්වන බවයි එම සිසුවාගේ පියා චෝදනා කරන්නේ.
මේ සමිබන්ධයෙන් තමන් හැටන් පොලිසියේ පැමිණීල්ලක් කිරිමටද අපේක්‍ෂා කරන බව එම සිසුවාගේ පියා වැඩි දුරටත් කියා සිටියා. සංගිත ප්‍රසංගය කථනය කළ නිවේදකයා විසින් මෙම සංගීත ප්‍රසංගය රෝගි සිසුවා වෙනුවෙන් සත් භාවයෙන් පවත්වන ප්‍රසංගයක් බව වරින වර නිවේදනය කර තිබෙනවා.
මේ සමිබන්ධයෙන් කරුණු විමසිමට එම සංගිත ප්‍රසංගය පැවැත්වු සංගිත කණ්ඩායෙමි වාදන ශිල්පියෙකුට අප කළ විමසුමකට ඔහු පවසා සිටියේ මුදල් ගණූ දෙනුව සිදුළේ වෙනත් පිරිසක් බවත් ඔහුන් කවිද කියා තමන් නොදන්නා බවත් එම වාදන ශිල්පියා වැඩි දුරටත් කියා සිටියා.








