Press "Enter" to skip to content

පෙම්වතාගේ අනියම් පෙම ගැන කලකිරී සුරූපී යුවතිය කන්‍යාභාවය වෙන්දේසි කරයි – Photos

තම පෙම්වතාගේ අනියම් ඇසුරක් පිළිබඳ දැනගත් යුවතියක් ඒ ගැන කලකිරී තම කන්‍යාභාවය අන්තර්ජාලය හරහා වෙන්දේසියේ අලෙවි කිරීමට යන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කන්‍යාරාමයක අධ්‍යාපනය ලැබූ 23 හැවිරිදි Bailey Gibson නැමැති තරුණිය දැඩි කලකිරීම නිසා මේ තීරණයට යොමු වූ බවයි මාධ්‍ය හමුවේ පවසා තිබුණේ.

අදාළ තරුණිය සිය කන්‍යාභාවය වෙන්දේසි කිරීමට තීරණය කර ඇත්තේ ඩොලර් මිලියනයක මුදලකටයි.

ඇමරිකාවේ නෙවාඩා හි ප්‍රසිද්ධ ගණිකා නිවාසයක සන්නිවේදන අධ්‍යක්ෂ ජෙරමි ලෙමූර් පවසන්නේ ඇය දැනටමත් වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව ඇති බවයි.

ඇමරිකානු ඩොලර් මිලියනයක් හෙවත් රුපියල් කෝටි එකහමාරකට අධික අවම ලංසුවකින් ඇයගේ කන්‍යාභාවය වෙන්දේසියේ අලෙවි වීමට නියමිත බවයි ඔහු පවසන්නේ.

ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික මුදලක් ඇයට හිමිවනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කරන අතර ලොව නන් දෙසින් ඉල්ලුම්කරුවන් ඉදිරිපත් වීමට නියමිත බවත් සන්නිවේදන අධ්‍යක්ෂවරයා පවසනවා.