ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ සහ ස්වර්ණමහල් මූල්‍ය ආයතනයේ කල් පිරුනු සහ යාවත් කාලීන තැන්පතු මුදල් යළි ලබා ගැනීම මාස 6කට අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නියෝග කර ඇත.
මෙම ආයතන දෙකේ ඇති වී ඇති දුර්වල මූල්‍ය ප්‍රගතිය හේතුවෙන් මෙම ආයතන සඳහා නව පාලක මණ්ඩලයක් පත් කිරීමට ද එම මණ්ඩලය තීරණය කර ඇති බව වාර්ථා වේ.
පසු ගිය කාල සීමාව තුළ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ දිගින් දිගටම සිදු වූ මූල්‍ය කඩා වැටීම හමුවේ එහි ආයෝජනය කළ ගනු දෙනු කරුවන් බරපතල පීඩාවකට ලක් විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියා පදිංචි මූල්‍ය සමාගමක් වන ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ දුර්වල මූල්‍ය ප්‍රගතිය නිසා අගතියට පත් ගනු දෙනු කරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව මැදිහත් විය යුතු බවට පසු ගිය කාලය පුරාවටම මාධ්‍ය වාර්තා ද ඵල විය.
මෙරට ප්‍රමුඛ පෙළේ දේශීය සමාගමක් ලෙස පැවැති ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ දිනෙන් දින ඔඩු දුවන බරපතල මූල්‍ය කඩා වැටීම හමුවේ ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ස්වර්ණවාහිනිය ඇතුළු එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්, ස්වර්ණ මහල්, එදිරිසිංහ ඩිවලොපර්ස්, ඊ.ඒ.පී.සිනමා සහ සුව නෙත අක්ෂි රෝහල යන ව්‍යාපාර ඒකාබද්ධ කර විකුණා දැමීමට ඊ.ඒ.පී සමූහයේ වත්මන් පාලකයින් තීන්දු කර තිබේ.




