ඊ.ඒ.පී. ව්‍යාපාර සමූහය සිංගප්පූරුවේ Straits Grid Pvt. Ltd. නමැති කුප්‍රකට සමාගම වෙනුවෙන් මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින කොටි ඩයස්පෝරාවේ නියමුවකු වන සුදීර් ජයරාම් නම් මැලේසියානු ද්‍රවිඩ ජාතිකයා රුපියල් මිලියන 31. 8ක් වටිනා විදෙස් මුදල් ශ්‍රී ලංකාවෙන් පිටමං කිරීමට සූදානම් වෙද්දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ඇත.
සුදීර් ජයරාම් සමග ඔහුගේ පුත්‍රයාද තවත් දෙදෙනකු ද මෙම මුදල් තොගය මැලේෂියාවට රැගෙන යාමට සූදානම් වෙද්දී ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සුදීර් ජයරාම් ගේ ගමන් මල්ලේ තිබී ඇමෙරිකානු ඩොලර් 50,000ක්ද ඔහුගේ පුත්‍රයාගේ ගමන් මල්ලේ තිබී ඇමෙරිකානු ඩොලර් 50,000ක්ද ඔවුන් සමග පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් අයකු සතුව තිබී ඇමෙරිකානු ඩොලර් 58,000ක් ද සොයාගෙන ඇත. මෙම මුදල් සියල්ලේම එකතුව ඇමෙරිකානු ඩොලර් 208,000 කි.
මෙම මුදල් උපයා ගත් ආකාරය හෙළිකිරීමට සුදීර් ජයරාම් අපොහොසත් වී ඇති අතර මුදල් උපයා ගත් ආකාරය පිළිබද ගුවන් තොටුපල රේගුව කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ කොළඹ සුප්‍රකට කැසිනෝ සමාජශාලාවකින් ඔහු මෙම මුදල් ජයග්‍රහණය කළ බවයි. නමුත් ඔහුට ඒ බව සනාත කිරීමට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත.
කෙසේ වෙතත්ප්‍රබල දේශපාලනඥයකුගේ බල පෑම මත කිසිදු දඩුවමකට යටත් නොකර සුදීර් ජයරාම් නම්මෙම මැලේෂියානු ද්‍රවිඩයා මුදා හැරීමට සිදු වූ බව ගුවන් තොටුපල විශ්වාස දායක ආරංචි මාර්ග සඳහන් කළේය. ගුවන් තොටුපල රේගුවෙන් මිදී සුලු මොහොතකින් පසු ඔහු මැලේෂියාවේ ක්වාලාලාම්පූර් බලා ගිය බවද එකී ආරංචි මාර්ග තහවුරු කළේය.
මෙරට ක්‍රියාත්මක මුදල් විසුද්දීකරන නීතියට අනුව කිසියම් පුද්ගලයකු ඇමෙරිකානු ඩොලර් 10,000කට වඩා වටිනා කමකින් යුතු මුදල්, නොට්ටු වශයෙන්, පිලින පත් වශයෙන් හෝ සංචාරක චෙක්පත් වශයෙන් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යන්නේ එය අනිවාර්යයෙන්ම රේගුව වෙත දැන් විය යුතු අතර ඇමෙරිකානු

ඩොලර් 5000කට අධික නෝට්ටු රටින් පිටත ගෙන යන්නේ නම් එයද රේගුවට දැන් විය යුතුය. කරුණු එසේ වුවත් සුදීර් ජයරාම් නමැති මෙම විදේශීය ද්‍රවිඩයා මෙරට මුදල් විසුද්දී කරන නීතිය අමු අමුවේ උල්ලංගනය කරමින් මෙරට දූෂිත දේශපාලුවන්ගේ ද රැකවරනය ලබමින් මේ රට තුළ නිදහසේ සැරිසරමින් මෙරට ව්‍යාපාර වල ද නිරතව සිටියි.

මෙරට ප්‍රමුඛ පෙළේ දේශීය සමාගමක් ලෙස පැවැති ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ දිනෙන් දින ඔඩු දුවන බරපතල මූල්‍ය කඩා වැටීම හමුවේ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ මුව් සමාගම වන ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ස්වර්ණවාහිනිය ඇතුළු එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්, ස්වර්ණ මහල්, එදිරිසිංහ ඩිවලොපර්ස්, ඊ.ඒ.පී.සිනමා, , සුව නෙත අක්ෂි රෝහල යන ව්‍යාපාර ඒකාබද්ධ කර විකුණා දැමීමට ඊ.ඒ.පී සමූහයේ වත්මන් පාලකයින් තීන්දු කර ඇති අතර මෙම ව්‍යාපාර සමූහය මිලට ගැනීමට මෙරට විනිමය නීති අමු අමුවේ උල්ලංගනය කරන සුදීර් ජයරාම් නමැති මෙම විදේශීය ද්‍රවිඩයා උත්සහා කරමින් සිටී.
පසු ගිය රජය සමයේ සිදු වූ මුල්‍යමය වංචාවන් ගණනාවක් සම්බන්ධයෙන් ද පොලිසිය මොහු පිළිබඳ විමර්ෂණය කරන අතර කොළඹ ආශා සෙන්ට්‍රල් රෝහලට අයත් ඉඩමක් මිලදී ගැනීම සඳහා මොහු අත්තිකාරම් ගෙවීමට මුදල් ලබාගත් ආකරය පිළිබඳ හා මෙරට තවත් බොහෝ දේපළ මිලදී ගැනීම වෙනුවෙන් අත්තිකාරම් ගෙව් ආකරය පිළිබඳ හෙළි කිරීමට අදටත් නොහැකි වී ඇත. ඒ නිසා මේ වෙනවිට මොහුට විරුද්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසයේද(FCID) නඩුවක් ඇත
මෙසේ මහ දවල් පෙනි පෙනී මෙරට මූල්‍ය නීති කඩ කරන සුදීර් ජයරාම් නැමැති මෙම කුප්‍රකට ද්‍රවිඩයට තමන්ගේ කලු සල්ලි සුදු කර ගැනීම සඳහා මෙරට කඩා වැටෙන ව්‍යාපාර මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහා බැංකුව හා මෙරට බල ධාරීන් ඉඩ දෙන්නේද යන්න පිළිබඳ මෙරට මහ ජනතාව අවධියෙන් බලා සිටී.




