Press "Enter" to skip to content

දීපු සල්ලි ගන්න බැරුව ගනුදෙනු කරුවෝ ළතැවෙද්දී – ඊ.ටී.අයි. හොරකම වහ ගන්න එදිරිසිංහ හොර නඩේ දේශපාලනේට මුවා වෙයි.

දීපු සල්ලි ගන්න බැරුව ගනුදෙනු කරුවෝ ළතැවෙද්දී – ඊ.ටී.අයි. හොරකම වහ ගන්න එදිරිසිංහ හොර නඩේ දේශපාලනේට මුවා වෙයි.

“ගෝල්ඩන් කී වංචාව ii” ලෙස හදුන්වන ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ‍ මූල්‍ය අර්බුධය මෙම දෙසැම්බර් අවසානය වන විට ඉතාමත් බරපතල තත්ත්වයට පත් වී ඇති බවට වාර්තා වේ.

උත්සව සමය එළැඹීමත් සමග දෙසැම්බර් මාසයේ මුල සිට ඊ.ටී.අයි. ගනුදෙනු කරුවන් විශාල පිරිසක් තම මුදල් තැන්පතු යළි ලබා ගැනීමට පැමිණියත් ඒ කිසිවකුටත් මුදල් ලබා ගැනීමට නොහැකි වී ඇත.

දිනෙන් දින ඔඩු දුවන මූල්‍ය අර්බුධය හමුවේ ඊ.ඒ.පී සමූහට අයත් දේපල විකුණා හෝ තම මුදල් ලබා දීමට ඊ.ටී.අයි. පාලන අධිකාරිය කටයුතු කරනවා විනා සිය සුපුරුදු ආඳා නියාය යොදාගනිමින් ප්‍රශ්නයෙන් ලිස්සා යාමට වෙර දරන බව පාරිභෝගිකයෝ චොදනා කරති.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් වන ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ වත්මන් තත්ත්වය මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව වන ගෝල්ඩන් කී තැන්පතුවංචාවටත් වඩා බරපතල එකක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ගෝල්ඩන් කී තැන්පතු වංචාවට හසුවූ ගනු දෙනු කරුවන් 26 දෙනකු සිය ජීවත වලින් වන්දි ගෙවූ අතර අවසානයේදී ශ්‍රී ලංකා මහා බැංකුවේ මැදිහත් වීම මත සෙලින්කෝ සමූහයේ හිමිකරුවන්ට සිය දේපල විකුණා ගනුදනු කරුවන්ගේ මුදල් පියවීමට සිදු විය.

ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ‍ සිදු වී ඇති මෙම දරුණු මූල්‍යමය කඩා වැටීම හමුවේ ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ස්වර්ණවාහිනිය ඇතුළු එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්, ස්වර්ණ මහල්, එදිරිසිංහ ඩිවලොපර්ස්, ඊ.ඒ.පී.සිනමා, සුව නෙත අක්ෂි රෝහල යන ව්‍යාපාර ඒකාබද්ධ කර විකුණා දැමීමට ඊ.ඒ.පී සමූහයේ වත්මන් පාලකයින් උතසහා දරා ඇතත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක වී ඇත.

කරුණු මෙසේ තිබියදී මෙම බරපතල මූල්‍ය වංචාවෙන් ආවරණය වීම සඳහා ඊ.ඒ.පී සමූහයේ වත්මන් පාලකයින් මේ වන විට මෙරට ප්‍රබල දේශපාලනඥයකුගේ සෙවනට ගොස් ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස එලැඹෙන පළාත් පාලන මැතිවරණයේදී වත්මන් ඊ.ඒ.පී පාලනාධිකාරියේ අධ්‍යක්ෂවරියක වන දීපා එදිරිසංහ කොළඹ මහනගර සභාවට තරග වැදීමට නියමිතය.