පුංචි කාලේ වගේ නෙවෙයි අපි වයසට ගිහින් දැන් පරම්පරාව මාර ඇඩ්වාන්ස් වෙලානේ කියලා මට දැනෙන්න ගත්තේ දෙවෙනි ඉනිම නාට්‍යයේ කොටස් එහෙන් මෙහෙන් ටි වී එකේ දකින්න ලැබෙනකොට… ඒ හින්දා මමත් බැලුවා… මොකක්ද මේ ඉස්කෝලේ යන ළමයි ඉන්න නාට්‍යය කියලා… මට ඒකේ ඉන්න කෙල්ලෝ ටික දැක්කම මතක් වුණේම අපි ඉස්සර ඉස්කෝලේ ගිය විදිය…එකටම ගහන්නද කියලා දන්නේ නැහැ. දෙවැනි ඉනිම ඉස්කෝල ගැන කතා කරද්දී බටහිර අහස කැම්පස් ජිවිතයක් ගැන කතා කරනවා. යාලුවෝ කිහිප දෙනෙක්ම මගෙන් ඇහුවා උබ බටහිර අහස බලනවද මම ඇහුවා ඇයි මොකද කියලා.නැහැ බලපන් උන් දෙවැනි ඉනිම ලස්සනට කොපි කරන්න හදනවා.එත් වුන් දන්නේ නැහැ.ඉස්කෝලේ කාලේ තිබ්බ ආතල් කැම්පස් කාලෙන් ගන්න බැහැ කියලා.අනික සමන් අය්යට වගේ සෙන්ස් එකක් එක ලියන එකාට නැහැ.
අනික ඔය පෙන්නන තරම් කැම්පස් ජිවිතේ බොහොම සංවර නැහැ.තව දෙයක් විශේෂයෙන්ම කියන්න ඕන ඕක ලියපු එකානම් නුවර පැත්තේ ම ඉන්න එකෙක්ද කොහෙද? මොකද උ නුවර ලයින් ඒකනම් නියමෙට අල්ලා තියනවා,එත් සමහරක් තැන වලදී උ වෙන ඒවා කොපි කරන්න ගිහින් සැහෙන්න ඇදගෙන නාලා තියන පාටයි. කොහොම උණටත් නළුනිලියෝ තොර ගද්දිනම් මේකේ අධ්‍යක්ෂක චාමර ගේ හැකියාවනම් නිල්. අලුත් වුන් ටික නම් හොඳයි.එත් හැමදාම පෙන මුණු දැක්කාම අපිට බලන්නත් එපා වෙනවා.
මේ නාට්‍යයයට බනිනවාවත් මේක විවේචනය කරනවාවත් නෙවෙයි ඒත් පොඩ්ඩක් බලන්න… සමහරක් දේවල් ඒ තරම් තාත්වික නැහැ.මොකද ප්‍රේක්ෂකයා රවට්ටනවා කියලා ඔහොම කරන්න එපා. තවත් දෙවැනි ඉනිමක කරනවට වඩා හොඳ බටහිර අහසක් කරනම හොදයි කියලා තමයි අපිනම් හිතන්නේ.




