Press "Enter" to skip to content

E T I මුල්‍ය අර්බුදය උග්‍ර වේ ,තැම්පතු කරුවෝ දහස් ගනනින් මුදල් ආපසු ඉල්ලයි. GOLDEN KEY PART 2

ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ‍ මූල්‍ය අර්බුධය මේ වන විට ඉතාමත් බරපතල තත්ත්වයට පත් වී ඇත. ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ සිදු වූ මූල්‍ය කඩා වැටීම සැලවීමත් සමගම එහි මුදල් ආයෝජනය කළ ගනු දෙනු කරුවන් විශාල වශයෙන් තමන්ගේ මුදල් තැන්පතු යළි ලබා ගැනීමට පැමිණියත් ඔවුන්ට මෙතෙක් මුදල් ලබා ගැනීමට නොහැකි වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් වන ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ වත්මන් තත්ත්වය මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව වන ගෝල්ඩන් කී තැන්පතුවංචාවටත් වඩා බරපතල එකක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. තැන්පත්කරුවන් 9056 දෙනෙක් ගෝල්ඩන් කී සමාගමේ රුපියල් මිලියන 26500 ක් තැන්පත් කර තිබුණු අතර වංචා ව තුළින් පීඩාවට හා සිත්තැවුලට පත් තැන්පත්කරුවන් 26 දෙනකු සිය දිවි නසාගැනීම් හා විවිධ අසනීප හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණි. මෙම බරපතල වංචාව හේතුවෙන් සෙලින්කෝ සමූහ ව්‍යාපරයේ සභාපති සෙලින්කෝ සභාපති ලලිත් කොතලාවල ට සහ ඔහුගේ බිරිය වූ සිසිලියා කොතලාවල ටසිර දඩුවම් හිමි විය.

Image result for lalith kotelawalaඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ‍ දිනෙන් දින ඔඩු දුවන මෙම බරපතල මූල්‍ය කඩා වැටීම හමුවේ ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ස්වර්ණවාහිනිය ඇතුළු එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්, ස්වර්ණ මහල්, එදිරිසිංහ ඩිවලොපර්ස්, ඊ.ඒ.පී.සිනමා, , සුව නෙත අක්ෂි රෝහල යන ව්‍යාපාර ඒකාබද්ධ කර විකුණා දැමීමට ඊ.ඒ.පී සමූහයේ වත්මන් පාලකයින් උතසහා දරා ඇති අතර ඒ සියලු උත්සාහයන් අසාර්ථක වී ඇත.

Image result for dhammika pereraකුප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා, බැදුම්කර මගඩියට සම්බන්ධ අර්ජුන් ඇලෝෂියස් මෙන්ම කොටි ඩයස්පෝරාවේ නියමුවකු වන සුදීර් ජයරාම් නම් මැලේසියානු ද්‍රවඩයකු ද මෙම ව්‍යාපාර සමූහය මිලට ගැනීමට පැමිණ ඇති අතර දිනෙන් දින අගාධයට යන මෙම ව්‍යාපාර ඔවුන් කුණු කොල්ලෙට ඉල්ලා ඇති බව වාර්තා වේ.මේ අතර තවත් දේශීය ව්‍යාපාරිකයින් කීප දෙනකු ද මෙම ව්‍යාපාර වෙනුවෙන් යහපත් ලන්සු කීපයක් ඉදිරිපත් කර ඇති අතර මේ වන විට ඔවුන් සමග ඊ.ඒ.පී වත්මන් පාලකයින් සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ. 

Image result for arjuna aloysiusකෙසේ වෙතත් වටිනා මිනිස් ජීවිත 26ක් අහිමි කරමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව වන ගෝල්ඩන් කී වංචාවේ දෙවැනි කොටස ලෙස ඊ.ටී.අයි. මූල්‍ය වංචාවක් ගැන ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නොලියවෙන්නටත් කීර්තිමත් මවු පිය යුවලකට නිගා දෙමින් ගෝල්ඩන් කී හොරුන් මෙන් හිර ගෙයි බත් නොබුදින්නටත් ඊ.ඒ.පී සමූහයේ වත්මන් පාලකයින් වන ජීවක, නාලක, අසංක සහ දීපා යන එදිරිසංහ දූ පුතුන් වග බලා ගත යුතුය.