සෝමා එදිරිසිංහගේ සභාපතීත්වයෙන් පැවැතුනු EAP මාධ්‍ය ජාලයට අයත් වූ ස්වර්ණවාහිනියේ තේමා පාඨ වුනේ “ශ්‍රී ලංකේය අභිමානය”. සෝමා මළාට පස්සේ ඒ සමාගමේ පාලනය අතට ගත්ත සෝමාගේ දූලා පුතාලා ඉස්සෙල්ලාම “පවුලේ අභිමානය” කාබාසිනියා කෙරුවා.
ඊට පස්සේ එදිරිසිංහ දෙමාල්ලෝ ගොඩ නගපු ඊ.ටී.අයි. ෆිනෑන්ස් සමාගම, ඊ. ඒ. පී.චිත්‍රපට සමාගම, හෝටල් ව්‍යාපාරය, ස්වර්ණමහල් ජුවලරිය, ස්වර්ණමහල් ෆිනෑන්ස් සමගම වගේම ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය කියන මේ ඔක්කොම විජාතික දෙමළෙකුට කුණු කොල්ලෙට විකුණන්න ලෑස්ති වෙලා ඉන්නවා. ස්වර්ණවාහිණිය ගන්න ඇවිත් ඉන්නේ මැලේසියාවේ ඉන්න ජය සුදීර් ජයරාම් කියන කම්බා හොරා.
ම.රා. ගේ පාලන කාලේ වෙච්ච මුල්‍යමය වංචාවන් ගණනාවක් සම්බන්ධයෙන් පොලිසිය එයාගේ පස්සේ තාමත් පන්නනවා. එකපාරක් මෙයා ආශා සෙන්ට්‍රල් රෝහලට අයත් ඉඩම ගන්න අත්තිකාරම් ගෙවූවා. ඒ විතරක් නොවෙයි මෙයා ලංකාවේ තවත් බොහෝ දේපළ මිලදී ගන්න අත්තිකාරම් ගෙව්වා. නමුත් ඒ සල්ලි හම්බ කරපු විදිහ හෙළි කරන්න එයාට අදටත් බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙනකොට මේ හොරාට විරුද්ධව FCID එකේ නඩුවක් යනවා. මෙන්න මේ කියන සුදීර් ස්වර්ණවාහිණියයි කලින් කිව්ව එදිරිසිංහලාගේ සමාගම් ටිකටයි ඔක්කොටම දීපු මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 60යි. නමුත් ලංකාවේ දේශීය සමාගම් කීපයක් ඊය වඩා වැඩි මිලක් මේ සමාගම් ජාලය වෙනුවෙන් ගෙවන්න සූදානම් වුණත් එදිරිසිංහ දරුවන්ගේ අවසාන කැමැත්ත වෙලා තියෙන්නේ සූදිර්ගේ සිංගප්පුරුවේ ලියාපදිංචි Straits Grid Pte. Ltd. කියන කුප්‍රකට සමාගමට මේ ඔක්කොම ටික දීලා දාන්න.
ඒ අනුව හෙට හෝ අනිද්දා සුදීර් ඇමෙරිකානු ඩොලර් මිලියන 60කුත් අරගෙන එයි ස්වර්ණවාහිනිය අරගෙන යන්න. නමුත් ප්‍රශ්නේ වෙන්නේ මේ රටේ මහා බැංකුවට පුලුවන්ද එහෙම ලෙහෙසිට පහසුවට මේ විදේශික දෙමළාට එයා ගේ කලු සල්ලි සුදු කරගන්න යාන්ත්‍රණයක් මේ රට ඇතුළේ හදලා දෙන්න. සුදීර්ට බෑ එයා මේ වියදම් කරන්න හදන සල්ලි හම්බ කරපු විදිහ රටට කියන්න. එහෙමනම් ශ්‍රී ලංකාවේ මහා බැංකුවටත් බෑ සූදීර්ට මේ ගනුදෙනුව කරන්න ඉඩ දෙන්න. සුදීර් කියන්නේ එල්. ටී. ටී. ඊ. බළල් අතක්. සුදීර් වියදම් කරන්නේ කොටි සල්ලි. සුදීර්ට ඕන මේ රටේ ගොඩ නැඟුනු දේශීය ව්‍යාපාර විනාශ කරන්න. මේ ඔක්කොටම වැඩිය සුදීර්ලගේ ඩයස්පෝරාවට දැන් වුවමනා වෙලා තියෙනවා දේශීය පදනමක් මත ගොඩ නැගුනු මාධ්‍ය ජාලයක්. මෙන්න මේ කොටි දොල දුක සංසිදුවා ගන්න රහසිගතව ක්‍රියාත්මක වන පරගැති දේශපාලන බළල් අණ්ඩකුත් දැන් මල්ලෙන් එළියට පැනලා තියෙනවා.
තමන්ගේ අම්මා මැරුනට පස්සේ අම්මා මතක්කරලා දානයක් දෙන්න පස්ස ගැහුව දුවෙක්, අම්මා පටන් ගත්ත ජන සරණ සමාජ සුබ සාධන අරමුදලේ සල්ලි ටික අම්මාගේ මරණෙන් පස්සේ යටි මඩි ගහගත්ත පුතෙක්, අලෝකෝ උදපාදී චිත්‍රපටියේ නිෂ්පාදකයව ගොනාට අන්දලා සල්ලිටික අරගෙන පිට රට පැනලා පවුලේ නම්බුව කිච කරපු පුතෙක් වගේ ගූ ගොඩේ තියෙන රුපියලත් දිවෙන් ගන්නා ජාතියේ සෝමාගේ මේ දරුවෝ ඩොලර් මිලියන 60යි තව එක රුපියලකුයි දුන්නත් නම්මා ගන්න පුළුවන් කම තිබියදීත් ඩොලර් මිලියන 60 ට වඩා ගෙවන්න සූදනම් වෙච්ච දේශීය ව්‍යාපාරිකයන් වෙනුවට සුදීර් නම් කොටි හිතවාදී කම්බ හොරාට වැඩියෙන් ආදරේ කළේ මේ ඩීල් එක පස්සේ ඉන්න නීල කාස හොර, පරගැති දේශපාලුවාගේ බල පෑම නිසායි. රටේ මූල්‍ය මර්මස්ථානය වන මහා බැංකුව පාලනය කරන්න රටේ එකෙක් නැතුව සිංගප්පූරුවේ දෙමළෙක් දාගෙන, මහා බැංකුව මංකොල්ල කාපු රටේ, පරම්පරා ගණනාවක නොසැලෙන විශ්වාසය මත ගොඩ නැගූ“ශ්‍රී ලාංකේය අභිමානය”, රටේ උන් වැඩි මිලට ඉලද්දී ත් මැලේසියානු දෙමළෙකුට කුනු කොල්ලෙට දෙන්න මේ රටේ උන් ඉඩ දෙන්නේ නම් අපට කියන්නට ඇත්තේ “විලි ලැජ්ජා නැති රටේ පනමට පොල් හැටේ”




